රාජ්ය ත්රස්තවාදය ක්රියාත්මක රටක් ලෙස ශ්රී ලංකාවට මුදල් එවීමෙන් වළකී සිටින ලෙස විදෙස් ගත ශ්රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී සරත් ෆොන්සේකා මහතා පැවැසීය.අයවැය විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“පිටරට සිටින ශ්රී ලාංකිකයන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ රාජ්ය ත්රස්තවාදය නවතිනකම් මේ රටට සතයක්වත් එවන්න එපා. අපි බඩගින්නේ මැරෙන්න වුණත් ලෑස්තියි සත පහක්වත් එවන්න එපා. මේ රජයට උදව් කරන්න එපා.
අයි.එම්.එෆ්. එකෙන් ලැබෙන දේවල් ලැබෙනවා කිව්වා. අපි ආඩම්බර වෙනවා. ඒක හරියට හිඟන්නෙකුට ස්වීප් ටිකට් එකක් ඇඳුනා වගෙයි.නමුත් මේ රාජ්ය ත්රිස්තවාදය තිබෙනවානම් මේවා ලැබීමට අපි සුදුසුද නැත්ද කියලා මට ප්රශ්නාර්ථයක් තිබෙනවා.”