saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 4638 hours ago

LATEST

SF පාඨමාලාව හැදෑරූ 614ක් විසිර යති

calendar_today 2022 ඔක් 30 - 11:18 remove_red_eye - 777  

’’අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා’’ යන ආදර්ශ පාඨය පෙරදැරි කරගෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ අතිවිශිෂ්ට රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකායේ මූලික පුහුණු පාඨමාලා අංක 52 සහ 53 සාර්ථකව හැදෑරූ නිලධාරීන් 19 දෙනෙකු සහ සෙසු නිලයන් 595 දෙනෙකු විශේෂ බලකා ලාංඡන පැළඳීමෙන් පසු ඊයේ (29) දින මාදුරුඔය පිහිටි විශේෂ බ

ලෝක නගර දින සැමරුම නිමිත්තෙන් කොට්ටේ, කොටුබැම්ම තෙත්බිම් උද්‍යානය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය හෙට (31) පෙරවරු 9.30ට තෙත්බිම් උද්‍යාන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

Read More

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ හත්වන අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස රියර් අද්මිරාල් පූජිත විතාන 2022 ඔක්තෝබර් මස 17 දින සිට පත් කෙරුණු අතර, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, ජෙනරාල්(විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් ඊට අදාළ පත්වීම් ලිපිය 2022 ඔක්තෝබර් මස 28 වන දින ආරක්‍ෂක අමාත්‍යංශයේදී ඔහු වෙත නිල වශයෙන් ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

Read More

රජයේ ඉඩම් බදු පදනම මත ලබා දීමේ තීරණයක් ගෙන ඇති නමුත් එය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයක් පවතිනවා. ඉදිරියේදී එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා . මේ වනවිටත් කන්තලේ සහ මොණරාගල දිස්ත්‍රික්කයන්හි අක්කර 20,000ක් ඒ අයුරින් දෙවසරක් සඳහා බදු පදනම මත ලබාදී තිබෙනවා .

Read More

“මෙය ඇත්තෙන්ම ඛේදනීය සිදුවීමක්” දකුණු කොරියානු ජනාධිපතිවරයා කියයි. ’’සිදු නොවිය යුතු ඛේදවාචකයක් සහ ව්‍යසනයක් ඊයේ රාත්‍රියේ සෝල් නගරයේ හදවතේ සිදුවුණා.’’

Read More

දකුණු කොරියාවේ සෝල් අගනගරයේ පැවති හැලොවීන් සැමරුමක් අතරතුර දී ඇතිවූ තෙරපීමක් හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.

Read More

නොවැම්බර් 02 වෙනිදා වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන දියත් කිරීමට නියමිත පුළුල් විරෝධතාවය සඳහා 43 සේනාංකයේ පූර්ණ සහාය පල කිරීමට 43 සේනාංකය මෙහිදී එකඟ විය.

Read More

එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය නිරීක්ෂණ ආයතනය පවසන්නේ ගෝලීය වශයෙන් ආසාදන සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි.

Read More

තිහගොඩ නායිම්බල දී 14 හැවිරිදි පාසල් සිසුවකුට වෙඩි වැදී තුවාල සිදු වීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ලබන 04 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (29) නියෝග කළේය.

Read More

සෑම දෙයක්ම මිල ඉහළ ගොස් ඇති බැවින්, බොහෝ අය අතරමැදියෙකු නොමැතිව මූලාශ්‍රයෙන් සෘජුව මිලදී ගැනීමට යොමුවී ඇත.

Read More

කුරුවිට පොලිස් වසමේ ගලහිටිය ප්‍ර දේශ යේදී නිවසකට ඇතුළු වී ඒහි තිබූ මුදල් රුපියල් 10000ක් කොල්ල කා පළා ගිය සැකකරුවන් 4ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. අවුරුදු 30, 31, 40 යන වයස්වල පසුවන්නන් මෙසේ අඩංගුවට ගෙන තිබේ. ඒසේම කොල්ල කන ලද මුදලින් රුපියල් 8000ක්ද නැවත සොයාගෙන තිබේ.

Read More

එය ගෝලීය ආහාර සැපයුම්දාමවල සුරක්ෂිතතාවට විශාල පිටුබලයක් වූ අතර, මෙම නවතම තත්ත්වය සමග එය යළිත් බිඳ වැටීමේ අවදානමක් මතුව තිබේ.

Read More

ද්විත්ව පුරවැසිභාවය තමන්ට ප්‍රශ්නයක් නොවන බවත් තමන් ශ්‍රී ලාංකිකයෙකු බවත් එම නිසා ඒ පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නොමැති බවද ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අද (29දා) කිරින්දේ සිට දකුණු ප්‍රදේශයේ පවතින්නාවූ ධීවර වරායන්වල ප්‍රශ්න විසඳීමට යෙදුණු සංචාරයකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටියේය.

Read More

පසුගිය දශකය තුළ චීනයේ ඩිජිටල් ආර්ථිකය කැපී පෙනෙන සංවර්ධනයක් අත්කර ගෙන ඇති බව වාර්තාවේ සඳහන් කර ඇත.

Read More

දිවයින ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වාභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොළඹ කොටුව තොග වෙළඳුන් ආනයනය කරන තිරිඟු පිටි (පාන් පිටි) කිලෝවක මිල රුපියල් 250ක් දක්වා පහත වැටී තිබේ.

Read More

ඇමරිකානු ඩොලර් මිලියන 110 ක ලෝක බැංකු සහනදායී හදිසි ණය ප්‍රතිපාදන යටතේ යූරියා ටොන් 13,000ක පළමු තොගය කෘෂිකර්ම අමාත්‍යාංශයට ඊයේ (28) ලැබී තිබෙන අතර ඒ අනුව වී ගොවීන්ට යූරියා කිලෝ ග්‍රෑම් 50ක මල්ලක් රුපියල් 10,000 කට ලබා දීමට රජය තීරණය කර ඇත.

Read More

රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය මැනීමට ප්‍රධාන කාර්ය දර්ශක (KPIs / Key Performance Indicators) හදුන්වා දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (26) පැවති ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී තීරණය විය.

Read More

ත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයන් සඳහා නීත්‍යානුකූලවව සේවයෙන් ඉවත්විම සඳහා නොවැම්බර් 15 දා සිටි දෙසැම්බර් 31 දා තෙක් මාස එක හමාරක පොදු සමා කාලයක් ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

සිය ගුවන් ගමන් තහනම අධිකරණය මගින් ඉවත් කර ගැනීමෙන් අනතුරුව රන්ජන් රාමනායක මහතා අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය.

Read More

සමස්ත සමාජය ම බෙදා වෙන්කිරීමකට ලක් කෙරෙන ජාතික පාසල් සංකල්පයට ප්‍රතිපත්තියක් වශයෙන් තමන් කවදත් විරුද්ධ බවත් ඒ වෙනුවට ඉදිරියේ දී ආසන්න වශයෙන් පිහිටි පාසල් ගණනාවක් භෞමික පදනමින් සිසු අවශ්‍යතා පාදකව ඒකාබද්ධ කර පාසල් පොකුරු නිර්මාණය කරන බවත් මේ එක් පාසල් පොකුරක ප්‍රමුඛ වූ පාසලක් හෝ කිහිපයක් මූලික ව ක්‍රියාත්මක වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා වැඩසටහන සාර්ථකත්වයට ආණ්ඩුකාරවරුන් හා පළාත් සභා නිලධාරීන්ගේත්, හිටපු මහජන නියෝජිතයින්ගේ සෘජු දායකත්වය අවශ්‍ය බව අග්‍රාමාත්‍යය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Read More

භික්ෂුන් වහන්සේලා සම්බන්ධ චෝදනාවලදී නීතිය ක්‍රියාත්මක කිරීමේදී අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් පොලිසිය හරහා අදාළ භික්ෂූ නිකායේ නායක හිමිවරුන් දැනුවත් කිරීමටත් ඒ අනුව සාමාන්‍ය නීතියට අමතරව විනය ක්‍රියාමාර්ග ගැනීමට ද ක්‍රමවේදයක් සකස් කිරීමට යෝජනා කරන බවත් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පසුගියදා පැවසීය. ඉදිරියේදී මේ සම්බන්ධව කටයුතු කිරීමට නායක හිමිවරුන්ගේ මගපෙන්වීමෙන් වෙනම ව්‍යුහයක් ස්ථාපිත කිරීමට බලතල සහිත නව පනතක් හදුන්වා දීමටත් අපේක්ෂා කරන බවද අම

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් එළැඹෙන නොවැම්බර් 03 වනදා පැවැත්වීමට නියමිතය.

Read More

“පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිට වුවමනා වුවත් ලබන අවුරුද්දේ මාර්තු 2 වනදා වනතෙක් හැකියාවක් නැහැ. එහෙමනම් පාර්ලිමෙන්තුවට යෝජනාවක් ඉදිරිපත්කර බහුතර ඡන්දයෙන් එය සම්මත කළ යුතුයි. ඒ යෝජනවා පිළිගන්නද නැද්ද කියන පරමාධිපතය ජනාධිපතිතුමාට තියෙනවා.”

Read More

යාපනය අච්චුවේලි ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලකින් මිලට ගත් ගත් පාන්ගෙඩියක් තුළ යකඩ ඇණ 03 ක් තිබී ඊයේ (27) සවස හමු වූ බවට පාරිභොගිකයෙකු විසින් යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

Read More

ලොව සුපතල සමාජ මාධ්‍ය වේදිකාවක වන ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලට ගැනීමේ ගිවිසුම අවසන් කිරමට ලෝකයේ අංක එකේ ධනවතා වන ඉ‌ලෝන් මස්ක් කටයුතු කර තිබේ.

Read More

ඇමෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීම සදහා විදේශ ගත වීමට ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි රන්ජන් රාමනායක මහතා ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබූ බව එම දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය .

Read More

ආසියානු නිෂ්කාශන සංගමය හරහා ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කිරීමෙන් වළකින ලෙස බංගලාදේශයේ මහ බැංකුව වන බංග්ලාදේශ බැංකුව එරට බැංකුවලට උපදෙස් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මහ බැංකුවේ විදේශ විනිමය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව චක්‍රලේඛයක් නිකුත් කර එය බැංකුවල ඉහළ විධායක නිලධාරීන් වෙත යවා ඇති බව ද එම මාධ්‍ය වාර්තා කරයි.

Read More

විදේශීය සංචාරකයින් ඉලක්ක කර ගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ රෝහලක් ලෙස මෙය ඉදිකිරීමට සැලසුම් කර ඇති බව මෙහිදී අනාවරණය කෙරිණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.