දිස්ත්‍රික්ක රැසක මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරු ලෙස ඔවුන්ගේ පත්වීම් ලිපි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින්, පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පසුගියදා ලබාගත්හ.
නෙදර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreලෝක බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙරට කොවිඩ් 19 හදිසි ප්‍රතිකාර සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදුන් නව ගිලන් රථ 60 ක් සෞඛ්‍ය ආයතන වෙත ලබාදීම අද (26දා) සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය, කෙහෙලිය රඹූක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
Read Moreඩොලර් හිඟය සඳහා හොඳම විසඳුම පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් වූ රටට අහිමිව ඇති කෝටි ප්‍රකෝටි ගණනින් වන ඩොලර් ගෙන්වා ගැනීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ විපක්ෂනායක කාර්යාලයේ අද (26දා) පැවති ජාතික මහජන සභාවට එක්වෙමින් පැවසීය.
Read Moreමාස හයකට පසුව ගල් අගුරු රැගත් නැවක් නොරෝච්චෝල ඉලන්තඩිය මුහුදු තිරයට පැමින ඇති බවත් මේ වන විට නැවේ සිට ලක්විජය බලාගාරයට බත්තල් මගින් රැගෙන එමින් පවතින බව විදුලි බල මණ්ඩල ප්‍රධානියෙකු අද (26දා) පැවසිය.
Read Moreමට හොඳට නින්ද යනවා. කිසිදෙයක් කරලා නෑ ජනතාවට විරුද්ධව. මම තමයි මේ රට බංකොලොත් නොවෙන්නට කටයුතු කරලා තියෙන්නෙ. ඒ හින්දා මගේ හෘද සාක්ෂිය ඉතාමත්ම පිරිසිදුව තියෙනවා. ඒකට ගැටලුවක් නෑ.
Read Moreයාල ජාතික වනෝද්‍යානයේ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇති බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreපිළිකා රෝග තත්ත්ව හදුනා ගැනීමටත්, ප්‍රතිකාර සිදු කිරීමටත්, අංග සම්පූර්ණ පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථාන ප්‍රමුඛතාවය මත සෑම පලාතකම ස්ථාපිත කිරීමටත්, පවතින මූල්‍ය ක්‍රමවේද මනා කාර්යක්ෂම ලෙස යොදා ගෙන පිළිකා රෝගී සත්කාර සේවාව වැඩි දියුණු කිරීමටත් මෙහිදී අවධාරණය විය.
Read Moreදෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් දිවයිනේ පුංචි එංගලන්තය ලෙසින් හැදින්වෙන නුවරඑලිය නගර මධ්‍යයේ ස්ථාපනය කර ඇති හෝරා ස්ථම්භයේ පැති හතරක වේලාවන් හතරක් දර්ශනය විම හේතුවෙන් නුවරඑලිය නගරයට පැමිණෙන සංචාරකයන් මෙන්ම පාරිභෝගිකයන්ද දැඩි අසිරුතාවයට පත් වි ඇත.
Read Moreරජයේ කොන්ත්‍රාත්කරුවන් සඳහා ගෙවීමට ඇති මුදල් අදියර කිහිපයක් යටතේ කඩිනමින් ගෙවා දැමීමට රජයේ අවධානය යොමුව ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreපන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ අයර්ලන්ත කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 5ක ජයක් වාර්තා කිරිමට අයර්ලන්ත කණ්ඩායම සමත්විය.
Read Moreවෘත්තීය පුහුණු ආයතන සමග මනා සම්බන්ධීකරණයෙන් පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන් විදේශ රැකියා සදහා යොමු කිරීමට වඩාත් කාර්යක්ෂම වැඩපිළිවෙලක් සහිත සැලැස්මක් සති දෙකක් තුළ සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබද කාරක සභාව විසින් (කෝපා කමිටුව) විදේශ රැකියා අමාත්‍යාංශයට සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පසුගියදා (21දා) උපදෙස් ලබා දී තිබේ.
Read Moreමිනිස් වෙළදාම පිටුදැකීම සදහා නැගෙනහිර පළාත් විශේෂ මෙහෙයුම් යාන්ත්‍රණයක් සකස් කල යුතු බව පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.
Read Moreදැනට සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන්ගේ සේවය අවසන් කිරීම පිළිබඳව මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය යොමු විය.
Read Moreමහනුවර සිට කොළඹ කොටුව ගාල්ල සහ මාතර දක්වා ධාවනය සීඝ්‍රගාමී දුම්රියේ මැදිරියක් වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (26දා) පෙරවරුවේ ගැලවී ගියහ.
Read Moreපේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඇති වී තිබෙන සිසු ගැටුම් හේතුවෙන් නවතා දමා තිබෙන අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා පීඨයේ සිසුන්ගෙන් වෙන් වෙන් වශයෙන් අදහස් විමසීමක් සිදු කිරීමට නියමිත බව පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා පවසයි.
Read Moreගාල්ල සිට මරදාන බලා ගමන් ගත් අංක 8311 දරණ තැපැල් දුම්රිය අද (26දා) උදෑසන කාර්මික දෝෂයකට ලක්ව වාද්දුව ප්‍රදේශයේ දී නැවති තිබු බව දුම්රිය අංශ පවසයි .
Read Moreලොව දුප්පත් රටවල වෙසෙන දරුවන්ට වඩාත් සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත්වීමේ අවස්ථාව ලබාදීම වෙනුවෙන් දැනට වසර කිහිපයකට පෙර නිර්මාණය කෙරුණු පාවහන් යුගලය මේ වනවිට ඉතාමත් සාර්ථක ලෙස ලොව පුරා එවැනි දරුවන්ගේ පාවහන් අවශ්‍යතාව සපුරමින් සිටින බව වාර්තා සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තුව තුළ සිටින ද්විත්ව පුරවැසියන් හෙළි කිරීමට රජයට හැකියාවක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කිසිසේත්ම අලෙවි නොකරන බව කැබිනට් ප්‍රකාශක මෙන්ම ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreඑක්සත් රාජධානියේ පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජයවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තබේ.
Read More2021 වසරේදී ශ්‍රී ලංකාවේ මනුෂ්‍ය ඝාතන 521ක් සිදුව ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreයාල වනෝද්‍යානයට ඇතුළත් ව අයථා ලෙස වාහන භාවිතා කරමින් වනජීවි හා වෘක්ෂලතා පනත උල්ලංඝනය වන අයුරින් කටයුතු කළ පිරිස සම්බන්ධව ඊයේ දිනයේ දී (25) යාල වනෝද්‍යානය බාරකරු විසින් අදාල පිරිසට අධිකරණමය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු කළේය.
Read Moreශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙමින් පවතින අර්බුදකාරී තත්ත්වයට සහනයක් වශයෙන් චීනය ලබාදෙන සහල් මෙට්‍රික් ටොන් 10000න් තවත් සහල් මෙට්‍රික් ටොන් 500ක් කොළඹ වරායට ගෙන ආ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කියයි.
Read Moreමේ අනුව දැනට ක්‍රියාත්මක ඒකකයට රුපියල් 22 හා රුපියල් 15.5ක ගාස්තුව වෙනුවට කිලෝවොට් 500ට අඩු සූර්ය විදුලි පද්ධති සඳහා ඒකකයට රුපියල් 37ක්ද කිලෝවොට් 500ට වැඩි සූර්ය පද්ධති සඳහා ඒකකයකට රුපියල් 34.50ක ගාස්තුවක්ද ගෙවන බව අමාත්‍යවරයා පවසයි.
Read Moreජාතික තරුණ සේවා සභාවේ අධ්‍යාපන කටයුතු සදහා ගූගල් මෙහෙයුම් භාවිතා කිරීම සදහා වූ ගිවිසුමකට අද (25) දින ජාතික තරුණ සේවා සභාවේ දී අත්සන් තැබිණි.
Read Moreඅනුමතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ගැසට් පත්‍ර පහක් රජයේ මුදල් පිළිබද කාරක සභාවේ දී පසුගියදා සළකා බැලුණු අතර ගැසට් පත්‍ර හතරක් සදහා මෙහිදී අනුමතිය හිමිවිය.
Read Moreරට තුළ පවතින ඖෂධ සම්බන්ධයෙන් දෛනිකව සාකච්ඡා කිරීම සඳහා ඒ සම්බන්ධයෙන් වන විශේෂ කමිටුව දිනපතා රැස්වීමට අද (25) තීරණය කෙරිණි.මේ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ අමාත්‍යාංශ නිලධාරීන් රාජ්‍ය ඖෂධ සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, වෛද්‍ය සැපයුම් අංශය හා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු ආයතන මේ සඳහා සහභාගි වේ.
Read MoreIndo-Pacific Endeavour 2022 අභ්‍යාසය සඳහා සහභාගීවන රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් ‘එච්එම්ඒඑස් ඇඩිලේඩ්’ (HMAS Adelaide) සහ ‘එච්එම්ඒඑස් ඇන්සාක්’ (HMAS ANZAC) යන යුද නෞකා ද්විත්වය අද (25දා) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම නෞකා ද්විත්වය නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreකොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ අන්වාරම කතෝලික දේව ස්ථානය ඉදිරිපිට වංගු සහිත මාර්ගයේ අද (25දා) සිදු වු බිහිසුණු බස් රථ අනතුරකින් මොළගොඩ මංගලම ප්‍රදේශයේ 64 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක් මිය ගොස් ඇති අතර 32 දෙනෙක් රෝහල් ගත කර බවත් එයින් සිව් දෙනෙක් බරපතල තුවාල ලබා ඇති බවද මාවනැල්ල පොලිසියේ රථ වාහාන ස්ථානාධිපති එම්.පී.ඒ.එම්. රත්නායක මහතා පවසයි.
Read More