saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 4648 hours ago

LATEST

“වෙල්නස් විලේජ්” යටතේ බියගමට අංග සම්පූර්ණ නව රෝහලක්

calendar_today 2022 ඔක් 28 - 08:44 remove_red_eye - 624  

විදේශීය සංචාරකයින් ඉලක්ක කර ගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ රෝහලක් ලෙස මෙය ඉදිකිරීමට සැලසුම් කර ඇති බව මෙහිදී අනාවරණය කෙරිණි.

ක්‍රිප්ටෝ මුදල් වල ආයෝජනය කිරීමට යැයි සඳහන් කරමින් පුද්ගලයින් 8,000කගේ පමණ මුදල් රුපියල් බිලියන 14ක පමණ වංචා කිරීමේ සිදුවිමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යසවස්ථාවේ 17, 18, 19, 20 හා 22 යන සංශෝධන සඳහා වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 18ක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති බව Manthri.lk වෙබ් අඩවිය සඳහන් කරයි.

Read More

ලෝක බැංකු ආධාර යටතේ ලැබෙන මුදල් වලින් වඩාත් පහසු ව්‍යාපෘතිවලට යන්න. ඉදිකිරීම් පස්සේම යන්න එපා. අපට පුරුදු වෙලා තියෙන්නෙ කොහෙන්හරි සල්ලි ටිකක් ආවාම ගොඩනැගිල්ලක් හදනවා, එහෙම නැත්නම් පාරවල් හදනවා, එහෙම නැත්නම් කොන්ක්‍රීට් කරපු පාරක් උඩින් තාර හරි දානවා. මෙච්චරකල් අපි පුරුදු වෙලා හිටියෙ එහෙම කරන්න. මේවාගේ ප්‍රතිවිපාක දැන් අපිට ලැබිලා තියනවා. ඒ නිසා මින් ඉදිරියට එ‍හෙම කරන්න එපා.ජනතාවගේ ජීවනෝපාය දියුණුකරන ඕනතරම් ව්‍යාපෘති තියනවා. එවැනි ව්‍යාපෘති සඳහා ක

Read More

හිටපු ජනපතිගේ ආරක්ෂාවට ප්‍රභූ ආරක්ෂක අංශයේ පමණක් පුද්ගලයන් 226ක් සේවයේ ‌යොදවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි තලතා අතුකෝරාල මහත්මිය පැවැසුවාය. අද කොලඹදී පැවැති මාධ්‍ය හමුවකදි ඇය මේ බව සඳහන් කළාය.

Read More

පාර්ලිමේන්තුව එළඹෙන නොවැම්බර් 08 වැනිදා යළි රැස්වන අතර එදින පෙරවරු 10.30 සිට 5.00 දක්වා ජාතික ජන බලවේගයේ යෝජනාවකට අනුව රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විපක්ෂය ගෙන එන සභාව කල්තැබීමේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතය.

Read More

යාලේ ඇතිවූ සිදුවීමත් සමග ඒ පිළිබඳව පිරික්ෂණ අවසන් කර අධිකරණ මාර්ගෝපදේශ ලබාදෙන තෙක් මින් ඉදිරියට පෞද්ගලික වාහන වනෝද්‍යාන තුළට ඇතුළත් කිරීමේදී ඒ ඒ වාහන සඳහා වෙන වෙනම මග පෙන්වන්නෙක් (ට්‍රැකර්) යොදවන බව අමාත්‍ය මහින්ද අමරවිර මහතා පැවැසීය.

Read More

ආනයනික තිරිඟු පිටි ප්‍රමාණවත් පරිදි ලැබුනහොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි.

Read More

2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

වාහනයට ඔරොත්තු නොදෙන අකාරයට මහෝගිනි දැව කඳන් පටවා ගත් ලොරි රථයක් කෑගල්ල නගරය මග හැර ගමන් කර හැකි කොළඹ නුවර අතුරු මාර්ගයේදි දැව පැටවු පැත්ත පහත් වි රියදුරු සිටින එංජිම සහිත කොටස ප්‍රධාන මාර්ගයේ මෙලෙස උඩ ගොස් තිබුණේ අද (27දා) පස්වරුවේ එම මාර්ගයේ ධාවනය වන අතරවාරයේදිය.

Read More

ඓතිහාසික වැලිකන්ද, කවුඩාගල ආරණ්‍ය සේනාසන පූජා භූමියේ පිහිටි වසර 2,300ක් පැරණි චෛත්‍යයකින් දුර්ලභ ගණයේ ගල් කරඬුවක් අද (27දා) හමු වූ බව කවුඩාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දේවගල පඤ්ඤාසීහලංකාර නාහිමියන් සඳහන් කළහ. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අනුර මනතුංග මහතාගේ උපදෙස් අනුව 2021 වසරේ අගෝස්තු මාසයේදී මෙම චෛත්‍යයේ කැණීම් කටයුතු ආරම්භ කර තිබේ.

Read More

මාතර පොල්හේන හා වැල්ලමඩම මුහුදු තීරයේ මුහුදු ජලය මේ දිනවල වරින් වර කොල පැහැ ගැන්වී තිබෙන බව ප්‍රදේශවාසීන් පවසති.

Read More

තම සිව් හැවිරිදි පුත්‍රයා සමග යතුරු පැදියක යමින් සිටි හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අද (27දා) උදෑසන මාතර වල්පල දුම්රිය හරස් මාර්ගයේ දී දුම්රියේ හැපීමෙන් ජීවිතක්ෂයට පත් වු බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

’’මගේ පුතා යාලට තියා ගාල්ලටවත් ගිහින් නෑ. ඒ වෙලාවේ අධ්‍යන කටයුතුවල තමයි පුතා ඉදලා තියෙන්නේ. මම නැති කාලයේදී ඔහු ගිහින් තියෙන එකම ගමන මතුගම ඥාති නිවසකට’’

Read More

පාපැදියෙන් සේවයට වාර්තා කරන සේවක සේවිකාවන් දිරිමත් කිරීම සඳහා පාපැදි මිලදී ගැනීමට මූල්‍යාධාර ලබාදීම, නාගරික සංවර්ධන අධිකාරියේ පාපැදි සංසදයේ සාමාජිකත්වය ලැබීම ඇතුළු තවත් වරප්‍රසාද රාශියක් හිමිවන බවද හෙතෙම සඳහන් කරයි. පාපැදියෙන් සේවයට වාර්තාකරනු ලබන සේවකයන්ගේ පාපැදි නතර කිරීමට අමාත්‍යංශ පරිශ්‍රයේ ආවරණ සහිතව වෙනමම ස්ථානයක් ස්ථාපිත කර තිබේ. එමෙන්ම එම සේවක සේවිකාවන්ට සනීපාරක්ෂක පහසුකම්ද සළසා තිබේ. එමෙන්ම පාපැදියෙන් සේවයට වාර්තා කිරීමේදී එම සේවක

Read More

සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

යාපනය ඩෙල්ෆ් මුහුදු තීරයට දකුණෙන් වූ මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමගින් ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු ඊයේ (26දා) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

Read More

නව දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

Read More

Sheikh Mohammed Bin Rashid Al Maktoum (SMBR) ගුවන් සම්මාන උලළේ දී විශිෂ්ටතම ගුවන් සේවා තිරසාර වැඩසටහනට හිමි සම්මානය දිනාගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සමත්වී තිබේ.

Read More

හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන් කිසි සේත්ම කබල් රූපවාහිනියක් ගෙනියන්න නැතිනම් මාධ්‍ය ඒකකයේ තිබුණ බඩු අරගෙන යන්න තරම් පහතට වැටුණු කෙනෙක් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

මස්කෙලිය සිට කොළඹ දක්වා ධාවනය කල අවිස්සාවේල්ල ඩිපෝවට අයත් ලංගම බස් රථයේ රියදුරු , කොන්දොස්තරවරයා සහ බස් රථය ඊයේ (26දා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැර සැකකරුවන්ට එරෙහිව මේ මස (31දා) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කර ඇති බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති විරාජ් විතානගේ මහතා පැවසිය.

Read More

වර්තමානයේ කාරක ප්‍රාග්ධන ණය සඳහා වෙළඳපොල පොළී අනුපාතිකය 20% - 25% ක් වැනි ඉහල මට්ටමක පැවතිය ද මෙම ණය යෝජනා ක්‍රමය යටතේ 11% - 12% ත් අතර අඩු පොලී අනුපාතිකයකට ණය ලබා ගැනීමට හැකිවීම ක්ෂ්‍රද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට ලැබෙන විශාල සහනයකි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අත්හැර එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වන බවට පසුගිය සතියේදී ආරංචි පැතිරගිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පුත්තලම, ආරච්චිකට්ටුව පැවති “එක්ව නැඟිටිමු” ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වේදිකාවට ගොඩවිය.

Read More

කැලණිතිස්ස විදුලි බලාගාරයේ බිඳ වැටීමක් හේතුවෙන් විදුලි ජනන කටයුතු අත්හිටුවීමට සිදුවී ඇති බව වාර්තා වෙයි. දීර්ඝ කාලීන අලුත්වැඩියාවකින් පසුව නැවත විදුලි ජනනය ආරම්භ කළ කැලණිතිස්ස විදුලි බලාගාරයේ තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් මෙසේ ජනන කටයුතු අත්හිටුවීමට සිදුව තිබේ.

Read More

අමාත්‍යාංශ කිහිපයක විශයපථයන් හා ආයතන සංශෝධනය කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඖෂධ තොගයක් රැගත් විශේෂ ගුවන් යානා දෙකක් අද දිනයේදී කොළඹට පැමිණිමට නියමිතය. ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟය මග හරවා ගැනීම වෙනුවෙන් මෙම පරිත්‍යාගය චීනය විසින් සිදුකරයි.

Read More

2022/23 මහ කන්නයේ වී වගාවට අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 12,500ක් රැගත් පළමු නෞකාව ඊයේ රාත්‍රි කොළඹ වරායට පැමිණ තිබේ. මෙම යුරියා පොහොර තොගය චීනයෙන් මෙරටට ගෙන්වන ලද්දකි.

Read More

නොරොච්චොල බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු නැවක් එළැඹෙන 31දා දිවයිනට ළඟා වීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

පසුගිය ඔක්තොබර් 19 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන), අන්තිම කැමති පත්‍ර (සංශෝධන), වංචා වැළැක්වීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් ත්‍රිත්වය සඳහා පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (25) සිය සහතිකය සටහන් කළේය.

Read More

2022 සැප්තැම්බර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයනය ඉපැයීම් 5.75%කින්, එක්සත් ජනපද ඩොලර් මිලියන 1,093.98ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.