සංගීත සංදර්ශන හෝ දේශපාලන රැස්වීම් වෙනුවෙන් ගාලුමුවදොර පිටිය භාර නොදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. වරාය හා නාවික අමාත්‍යාංශය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව මෙම අනුමැතිය ල බාදී තබේ.
ගාලුමුවදොර පිටිය රුපියල් මිලියන 220ක වියදමින් නවීකරණය කිරීමට වරාය අධිකාරිය තීරණය කර ඇති අතර ඉන් අනතුරුව ආගමික කටයුතු හැර වෙනත් කටයුතු වෙනුවෙන් ගාලුමුවදොර පිටිය භාර නොදෙන අතර එය ජනතතාවට නිදහසේ කාලය ගත කිරීමට වෙන්කළ ස්ථානයක් ලෙසින් පමණක් පවත්වාගෙන යාමට තීරණය කර තිබේග
“වරාය අධිකාරිය වෙනුවෙන් වරාය, ගුවන් සේවා හා නාවික අමාත්‍යතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය සද්කාර්යයක් වශයෙන් ගාලුමුවදොර පිටිය සංවර්ධනය කර මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට පමණක් ගාලුමුවදොර පිටිය ලබාදෙන ලෙස අවශය අනුමැතීන් ලබාදෙන ඉල්ලමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණා.
එයට හේතුව දීර්ඝ කාලයක් පොදු මහජනතාවට බියෙන් හා සැකයෙන් තොරව නිදහසේ හුස්ම ගන්න පුළුවන් ස්ථානයක් ලෙස ගාලුමුවදොර පිටිය පැවතුනා. පසුගිය කාලසීමාව තුළ සංගීත සංදර්ශන, වෙන විනෝද ක්‍රීඩා මාලා, අරගල වශයෙන් ගාලුමුවදොර පිටියට පාරිසරික වශයෙනුත් ඒ වගේම පිටියක් වශයෙනුත් විශාල හානි සිදුව තිබුණා.
ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් මෙහි සංවර්ධනය භාරගෙන රුපියල් මිලියන 220ක් වෙන්කර තිබෙනවා ගාලුමුවදොර පිටිය සුන්දර පරිසරයක් සහිත ස්ථානයක් ලෙස එය ප්‍රතිනිර්මාණය කිරීමට. ඒ අනුව අප්‍රේල් මස 20දා යින් පසු මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට පමණක් ගාලු මුවාදොර පිටිය ලබාදෙන්නටත්, සුවිශේෂී ආගමික කටයුතු සඳහා හැර වෙනත් කිසිඳු කටයුත්තකයට ගාලු මුවදොර භාර නොදෙන්නත් අනුමැතිය දුන්නා.
ඒ අනුව එහි සුන්දරත්වයට හානි කරකරන සංගීත සංදර්ශන දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු සඳහා ගාලුමුවදොර පිටිය භාර නොදෙන්නට කැබිනට් මණ්ඩලය තීරණය කළා”
