හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙකු මාලිගාවත්ත ප්රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරු සන්තකයේ හෙරොයින් මිලිග්රෑම් 190 ක ප්රමාණයක් තිබී ඇත.
මාලිගාවත්ත පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (17)රාත්රියේ අපරාධ නිවාරණ මෙහෙයුම් වල නිරත වෙමින් සිටියදී මාලිගාවත්ත සමාධි විහාරස්ථානය අසල දී කටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයෙකු පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී මෙම හෙරොයින් ප්රමාණය සොයාගෙන ඇත.
සැකකරුගෙන් ප්රශ්න කිරීමේදී ඔහු නෙල්ලිඅඩි විශේෂ කාර්ය බලකා කඳවුරට අනුයුක්තව රාජකාරි කරමින් සිටි කොස්තාපල්වරයකු බවට හෙළි හෙළිවූ බව පොලිසිය පවසයි.
සැකකරු කඳවුරෙන් නිවාඩු පැමිණ සිටියදී මෙලෙස හෙරොයින් සමඟ අත්අඩංගුවට පත්ව ඇත.