ජපානයේ සාත්තු සේවක රැකියා, එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල හෝටල් ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථා, යුරෝපානු රටවලට සාත්තු සේවක රැකියා අවස්ථා, සෞදි අරාබියේ ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථා දැවැන්ත වශයෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විවෘත වී ඇති බවත්, මෙම රැකියා ඉල්ලුමට සරිලන පුහුණු ශ්‍රමිකයින් සපයාගැනීමට නොහැකිවී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සදහන් කළේය.
මෙම රැකියා අවස්ථා සම්පූර්ණ කරගැනීම සදහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයින් බිහි කරගත යුතු බවත්, විදේශ රැකියා ඉලක්ක කරගත් වෘත්තීය පුහුණුව ලබාදීම සදහා වෘත්තීය පුහුණු අධිකාරිය සමග ගිවිසුම් ගත වන බවත් අමාත්‍යවරයා පැවසුවේය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ වෘත්තීය පුහුණු අධිකාරිය අතර අද (18) උදෑසන අවභෝධතා ගිවිසුමක් අත්සන් කළ අතර එම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
මෙම අවභෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබාදෙන නිර්නායකයන්ට අනුව, විදේශ රැකියා සදහා අවශ්‍ය නිපුණතාවයන් සහිත වෘත්තිකයින් පුහුණු කිරීම, ඔවුන්ට අවශ්‍ය ජාතික වෘත්තීය සුදුසුකම් සහිතකය ලබාදීම සහ අනෙකුත් වෘත්තීය සහතික ලබාදීම ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය විසින් සිදු කරනු ලබයි. විදේශ රැකියා අවස්ථා ලබාදීමේදී වෘත්තීය පුහුණු අධිකාරියෙන් පුහුණුව ලැබූ ශ්‍රමිකයින්ට ප්‍රමුඛතාවය ලබාදීමට නියමිතය.
මෙම අවභෝධතා ගිවිසුම අනුව වෘත්තීය පුුහුණව සදහා සිසුන් ලියාපදිංචි කිීම, ඔවුන්ට ප්‍රමිතිගත පුහුණුවක් ලබාදීම, ඔවුන්ගේ පුහුණුව නියාමනය කිරීම සහ සහතිකකරණය, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාර්ගෝපදේශයන්ට යටත්ව, සිදුකරනු ලබයි.
"පසුගිය අවුරුද්දේ මැයි මාසය වන විට ඩොලර් මිලියන දෙසීයකට විතර විදේශ සංචිත ප්‍රමාණය පහළ වැටිලා තිබුණේ. ඒ වගේ වැටිලා තිබුණ රට නැගිටුවන්න අපිට පුලුවන්කම ලැබිලා තිබෙනවා. අපේ ඉලක්කය වෙලා තිබුණේ විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් මාසයකට ඩොලර් මිලියන පන්සියයක මුදලක් මේ රටට ගෙන්වා ගැනීමයි. පසුගිය මාසයේදී විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් පමණක් ඩොලර් මිලියන පන්සිය අසූවක මුදලක් ගෙන්වා ගැනීමට අපිට හැකියාව ලැබුණා.
දැන් ලෝකයේ ශ්‍රම වෙළදපොලෙන් ලංකාවේ ශ්‍රමිකයින් ඉල්ලනවා. ලෝක ශ්‍රම වෙලදපොලේ ඉල්ලුම අනුව ශ්‍රමිකයින් සැපයීමට අපිිට නොහැකිවී තිබෙනවා. අද අපිට ජපානයෙන් ඉල්ලන ජපන් භාෂා පුහුණුව ඇති ශ්‍රමිකයින් යවා ගැනීමට නොහැකිවී තිබෙනවා. ජපානයෙන් ඉල්ලන සාත්තු සේවකයින් ප්‍රමාණය අපිට යවා ගැනීමට නොහැකිවී තිබෙනවා.
එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල හෝටල් ක්ෂේත්රයට ඉල්ලන ශ්‍රමිකයින් සංඛ්‍යාව අපිට යවා ගැනීමට නොහැකිවී තිබෙනවා. යුරෝපය ඉල්ලන සාත්තු සේවකයින් සංඛ්‍යාව, අපිට යවා ගැනීමට නොහැකි වී තිබෙනවා. 2030 වසර වන විට ලෝකයේ ශ්‍රම වෙළදපොලට හෙදියන් ලක්ෂ තිස් පහක ඉල්ලුමක් තිබෙනවා. ඒ සංඛ්‍යාව අපිට යවා ගැනීමට නොහැකිවී තිබෙනවා. සෞදි අරාබියේ ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් විශාල වර්ධනයක් ඇතිවී තිබෙනවා. ඩොලර් බිලියන පන්සියක ආයෝජනයක් සහිත නියෝම් සිටි ව්‍යාපෘතිය සදහා ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් ශ්‍රමිකයින් විශාල පිරිසක් අවශ්‍ය වෙනවා. ජපානයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රෙය් ඉල්ලුමක් තිබෙනවා.
කොරියාවේ වෑද්දුම්කරුවන් සදහා විශාල ඉල්ලුමක් ඇතිවී තිබෙනවා. අපිට මේ රැකියා ඇබෑර්තු ලැබෙන විට යැවීමට සුදුසුකම් සහිත ශ්‍රමිකයින් සොයා ගැනීම පිළිබද අර්බුදයක් මතුව තිබුණා. වෘත්තීය පුහුණු අධිකාරිය, කොරියන් ටෙක් ආයතනය සමග එකතුවෙලා දැනට අපිට කොරියාවේ වෑද්දුම්කරුවන් විදියට හාරසියයකට ආසන්න පිරිසක් යැවීමට හැකිවී තිබෙනවා. කොරියාවේ නැව් කර්මාන්තය, ජපානයේ නැව් කර්මාන්තය අපිට විවෘත වී තිබෙනවා. පසුගිය සතියේදී ජපානයේ කළ සංචාරය අනුව අපිට ගොඩනැගිලි නඩත්තු සේවයේ, ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා රැසක් විවෘත කරගැනීමට හැකියාව ලැබුණා. ගුවන් යානාක්ෂේත්රයත් ලංකාවට විවෘත වෙනවා."