කල්ලංචිය පොලිස් වසමේ මහකනදරාව, දකුණු ඉවුර ප්‍රදේශයේදී ඊයේ (17දා) පස්වරුවේ කිසියම් අයෙකු විසින් තියුණු ආයුධයකින් ගෙල කපා කාන්තාවක් අමානුෂික අයුරින් ඝාතනය කර ඇති බව කල්ලංචිය පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අංක 220, මහකනදරාව, දකුණු ඉවුර, රඹෑව ලිපිනයේ පදිංචි ටිකිරි බණ්ඩාරගේ චන්ද්‍රාවතී නැමැති 63 හැවිරිදි කාන්තාවකි.
මරණකාරියගේ පුතෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම මරණය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව පොලිසිය කියයි.
කිසියම් පුද්ගලයකු විසින් මරණකාරියගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදිම හේතුවෙන් අධික ලෙස රුධිරය වහනය වී නිවසේ මුළු තැන්ගෙය තුළ වැටී සිටි බවද පොලිසිය කියයි.
ඊයේ 17 දා පස්වරු 1ත්, 7.30ත් අතර කාලයේදී මෙම ඝාතනය සිදු වන්නට ඇති බවට සැක කරන බව ද පොලිසිය පවසයි.
මරණකාරිය කලක් විදේශ ගතව සිට පැමිණ ප්‍රදේශයේ මුදල් පොලියට ලබා දෙන කාන්තාවක් බවත්, මෙම ඝාතනයට සම්බන්ධයෙන් අද (18දා) දහවල් වන විටත් කිසිවකුත් අත්අඩංගුවට නොගත් බව පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.
මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි.