උපෙළ උත්තර පත්‍ර පරීක්ෂාව පමා කර තරුණයන් අසහනයට පත්කිරීමේ උත්සායක් බුද්ධි අංශ හෙළි කරයි
උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව පමා වීම නිසා අවුරුදු 18-20 වයස් සීමාවේ පසු වන තරුණයන් දැඩි අසහනයකට පත් වන බවත් එම තරුණ අසහනයෙන් අනිසි ප්‍රයෝජන ගනිමින් පටු දේශපාලන වුවමනාවන් සපුරා ගැනීමට අන්තවාදී පටු දේශපාලනික කොටස් උත්සහ දරන බවත් පසුගිය සතියේ දී බුද්ධි අංශ වාර්තා මගින් හෙළි වූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා ගුරුවරුන්ගේ එකඟතාව පළ වී ඇති අතර ප්‍රායෝගික පරීක්ෂණ කල් තියා ම පවත්වමින් සිදු විය හැකි ප්‍රමාදයන් හැකි තාක් වලක්වා ගැනීමට මේ වන විට ක්‍රියා කරමින් සිටින බවයි.
එසේ ම තවදුරටත් වෘත්තීය ක්‍රියාමාර්ගවල නියැලී සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ, මෙම විභාගයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දරුවන් ද පෙනී සිට ඇති බැවින් ඔවුන් ගැන මෙන්ම අනෙකුත් සියලු දරුවන් ගැන ද සිතා උත්තර පත්‍ර පරීක්ෂාවට එක් වන ලෙසයි.
එමෙන් ම අතිශය රහස්‍යභාවයෙන් යුතු ව ඉතා වග වීමෙන් සිදු කළ යුතු උත්තර පත්‍ර පරීක්ෂාව, ක්ෂණික විකල්ප රහිත භාරදූර වගකීමක් බවත් පෞද්ගලික වාසි අවාසි නොතකා පොදු ජාතික අවශ්‍යතාවක් සේ සලකා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එම සේවය සැලසීමට කඩිනමින් එක් වනු ඇතැයි පක්ෂ විපක්ෂ භේදයකින් තොර ව සමස්ත සමාජය ම අපේක්ෂා කරන බවත් අමාත්‍යාංශ මට්ටමින් ඊට හැකි සෑම සහායක් ම සලසන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රට මුහුණ පා සිටින වත්මන් ආර්ථික අභියෝග ජයගැනීමේ තීරණාත්මක සන්ධිස්ථානයක් පසු කරමින් ඉදිරියේ දී විදෙස්ගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පුහුණු ශ්‍රමිකයන් ලෙස පුහුණු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය පුහුණු අධිකාරිය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
popular news
-
Prabath Wednesday, 19 April 2023 09:02 AM
Dan vibhaga departhamenthuwa ahawwada varjanaya nokarana vishvavidyala acharyawarungen. Liyum yawwada enna kiyala. Nahane. Liyum yawala balanna kawuda enne kiyala. Mata pena vidiyata vibhaga departhamenthuwa thama varjanaya karala thiyenne uththara pathra balanna denne nathiwa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

