විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියමට සහ යෝජිත කාල රාමුවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ දිනයේ ලැබුණ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
ඒ අනුව මැයි මස අවසන් වන විට නව විදුලිබල පනත පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කෙරෙන බවත් ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධීකරණයට කාර්යාංශයක් පිහිටුවීමට බවත් ඔහු පවසයි.
එසේම සවර්ධන නියෝජිත ආයතන වන ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, USAID ආයතනයේ සහ JICA ආයතනයේ සහය එම ක්‍රියාවලියට සහ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙලට ලබා ගැනීමටත්, මුල්‍ය සහ මානව සම්පත් විගණනයන් අවසන් කිරීමටත් සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ සම්පුර්ණ ක්‍රියාවලිය 2023 වර්ෂයේ ඔක්තෝබර් මස අවසන් වන විට සම්පුර්ණ කිරීමටත් අනුමැතිය ලැබුණ බව අමාත්‍යවරයා පවසයි.