සංචාරකයන් පැමිණීමේ සීඝ්ර වර්ධනයක්
ලබන 20 වැනිදා වනවිට සංචාරකයන් හාරලක්ෂයක් පැමිණීමේ ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට හැකි වනු ඇතැයි සංචාරක සංවර්ධන මණ්ඩලය පවසයි.
එහි සභාපති ප්රියන්ත ප්රනාන්දු සඳහන් කරනුයේ මේ මාසයේ 16 වැනිදා දක්වා වූ කාලය තුල සංචාරකයන් 55,000ක් මෙරටට පැමිණ ඇති බවයි.
එමෙන්ම මෙම මාසය තුල පැමිණ ඇති සංචාරකයන් අතුරින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බවත් ඉන් පසුව රුසියාවෙන් පැමිණ ඇති බවත් ඔහු සඳහන් කරයි.
කෙසේ නමුත් ජනවාරි සිට මේ දක්වා වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් බවද සඳහන් කරන සභාපතිවරයා පවසනුයේ චීනයෙන් බලාපොරොත්තු වූ තරමට සංචාරකයන් පිරිසක් වැඩිවී නොමැති අතර එලැඹෙන මාසයේදී චීන සංචාරකයන් ප්රමාණය වැඩි වෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.
popular news
-
Kumar Thursday, 20 April 2023 01:42 AM
$20 gewa $60 visawak ganna thath karana rusiyanuwek pasugiya sathiye visa labaganna Katunayaka polimay siti apey nadyaek dutuwaga kiwwa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

