තවත් රන්මාල කොල්ලකෑමක්
මහවැලි ගංඉවුරේ සිටි පුද්ගලයකුට පිහියක් පෙන්වා බියගන්වා ඇති කොල්ලකරුවෙකු රුපියල් 2,10000ක් පමණ වටිනා ගෙළබැදි රන්මාළයක් පෙරේදා (18) කොල්ලකා පළාගොස් ඇතැයි මහියංගණ පොලිසිය පවසයි .
මාපාකඩවැව සේනානිගම ප්රදේශයේ පදිංචි 54 හැවිරිදි මොහු මහියංගණ නගරයේ පෞද්ගලික රියදුරු පුහුණු පාසලක රියදුරු පුහුණුවට ගොස් කිසියම් අවශ්යතාවයකට ඒ අසල පිහිටි මහවැලි ගං ඉවුරට ගිය අතරතුරේ පැමිණි අයෙක් එක්වරම පිහියක් පෙන්වා බියකර ගෙළබැදි රුපියල් 210000 ක් පමණ වටිනා පවුම් 1, 3/4ක් පමණ වටිනා රන්මාළය කොල්ලකා පළාගොස් ඇති බවද පොලිසිය සදහන් කළේය .
සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලිසිය පැවසීය .
බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල සහකාර පොලිස් අධිකාරි 111 පී ඩබ්ලිව් එස් ජී පලිපාන යන මහත්වරුන්ගේ උපදෙස් මත මහියංගණ පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක රොහාන් විජේරත්න මහතා ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති .
ඇල්ල - ප්රසාද් රුක්මල්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
