දේශීය වෛද්‍ය ක්ෂේත්රයේ කේන්ද්‍රස්ථානය වන යක්කල වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලය අවට ප්‍රදේශය ආයුර්වේද කලාපයක් බවට පත් කිරීමට ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සමාගම්වල සහයෝගය ලබා ගැනීම වෙනුවෙන් වූ සාකච්ඡාවේදී තීරණය කෙරිණි.
මෙම විශේෂ සාකච්ඡාව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකාඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
දේශීය ආර්ථිකය නංවාලීමට දායක කර ගැනීම පිණිස දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ආකර්ශණය දිනා ගත හැකි වන පරිදි දේශීය වෛද්‍ය ක්ෂේත්රයට අදාළ සියලු පහසුකම්වලින් සමන්විත ප්‍රධාන කලාපයක් බවට මෙම ආයුර්වේද කලාපය පත් කිරීමට තීරණය විය.මෙම කලාපය තුළ දී දේශීය, පාරම්පරික ආයුර්වේද ප්‍රතිකාර සේවාවන්, පංචකර්ම ප්‍රතිකාර සේවාවන්, රූපලාවණ්‍ය ප්‍රතිකාර සේවාවන් මෙන්ම, දේශීය ඖෂධ නිෂ්පාදකයින්ගේ අලෙවි කුටි, ඖෂධ පැළෑටි අලෙවිය, මිලදී ගැනීම, ප්‍රචාරණය හා ප්‍රවර්ධනය ඇතුළු සියලු සේවාවන් ජනතාව වෙත ලබා දීම අපේක්ෂාව බව රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.
කොළඹ - මහනුවර මාර්ගය යක්කල ආයුර්වේද ප්‍රදේශය ආශ්‍රිතව ආයුර්වේද කලාපය පිහිටුවීමේ වැඩපිළිවෙළ සඳහා ඖෂධ සමාගම්වල සාමාජිකයින්ගේ එකඟතාව සහ සහයෝගය මෙම සාකච්ඡාවේදී පළ කළ කෙරුණු අතර අනතුරුව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස, පිහිටුවීමට යෝජිත ආයුර්වේද කලාපයේ ස්ථානීය නිරීක්ෂණයක ද නිරත වූහ.
මෙම අවස්ථාවට ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යලයේ උප කුලපති මහාචාර්ය රංජන ඩබ්ලිව්. සෙනෙවිරත්න, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාතයාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) චන්දන තිලකරත්න යන මහත්වරුන් ඇතුලු මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන්, වෛද්‍යවරුන්, දිවයිනේ ප්රමුඛ පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගම්හි සාමාජිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.