යාපනය පන්නනෙයි වටරවුම ප්රදේශයේදී ඉදිකෙරුනු නාගභූෂණී අම්මාන් දේව ප්රතිමාව ඉවත්කිරීම සඳහා වූ අද (18) දින පැවති නඩු විභාගය එලඹෙන මැයි 04 දක්වා කල්දැමීමට යාපනය මහෙස්ත්රාත් අධිකරණය විසින් පියවර ගත් බවට යාපනය පොලීසිය පවසයි.
නාගභූෂණී අම්මාන් දේව ප්රතිමාව ඉවත්කිරීම පිළිබඳව යාපනය පොලීසිය විසින් ගොනුකොට තිබූ නඩුව අද දින විභාගයට ගත් අවස්ථාවට අදාල ප්රතිමාව ඉවත්කිරීමට විරෝධය පාමින් යාපනයේ පිහිටි හින්දු සංවිධාන 30 කට අධික ප්රමාණයක පූජකවරුන් සහ එම පිරිස් වෙනුවෙන් ජනාධිපති නීතීඥ පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඇතුලු පිරිසක් නඩුවිභගයට සහභාගී වූහ.
එහිදී පොලීසිය විසින් ගත් දේවප්රතිමාව ඉවත්කිරීමේ අධිකරණ නියෝගයට එරෙහිව හින්දු සංවිධාන නියෝජිතයින් විසින් අදාල ප්රතිමාව නඩත්තුව සහ කිසිදු සංහිදියාවට බාධාවක් නොවන බවටත් කරුණු නීතීඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කෙරුනු අතර පොලීසිය විසින් ඉදිරිපත් කර ඇති කරුනු පිළිගත නොහැකි බවටද අධිකරණයට දැනුම්දෙනු ලැබීය.
එමෙන්ම පොලීසිය විසින් අදාල දේව ප්රතිමාව මගින් නයිනතිව් වෙත පැමිණෙන ජනතාව අතර යම් මහජන සාමායට බාධාවීමක් සංහිදියාවට බාධාවක් වන බවටත් තවත රථවාහාන ධාවනයටද ප්රතිමාව මගින් බාධාවන් එල්ලවන බවට අධිකරණයට කරුණු දැක්වීය.
අනතුරුව වැඩිදුර නඩුවිභාගය සඳහා නඩුව මැයිමස 04 වනදාට කල්තැබුනු අතර නඩුවිභාගය පැවත්වූ යාපනය අධිකරණය අවට ප්රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවකද් සපයා තිබුණි.
