හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකු කුරුණෑගල පොලිසිය තුළ වීදුරු බෝතලයක් කඩාගෙන එහි කටුවකින් බෙල්ල කපාගෙන තුවාල කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙලෙස තුවාල ලබා ඇත්තේ කුරුණෑගල ගල්වල ප්ර දේශයේ පදිංචි 29 හැවැරිදි පුද්ගලයෙකු වන අතර ඔහු කුරුණෑගල රෝහලේ ප්රතිකාර ලබමින් පසුවන බව පොලිසිය කියයි.
කුරුණෑගල පොලිස් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් ඊයේ (17දා) රාත්රී කුරුණෑගල ගල්වල ප්රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් මිලි ග්රෑම් 1050 ක ප්රමාණයක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරු ට විලංගු දමා පොලිස් ස්ථානයේ දූෂණ මර්දන මර්ධන අංශය වෙත රැගෙන විත් වැටලීමේ සටහන් යොදමින් සිටින අවස්ථාවේ සැකකරු එකවරම එහි මේසය මත තිබූ වීදුරු බෝතලයක් ගෙන එය පොළොවේ ගසා කඩා එම කැබැල්ලකින් බෙල්ල ප්ර දේශය කපා ගෙන ඇති බව පොලිසිය කියයි.
එහි සිටි නිලධාරීළධාරීන් විසින් සැකකරු මෙල්ල කර කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. කුරුණෑගල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.