චීනයට රිලවුන් යැවීම වෙනුවෙන් ලක් රජයත් චීන රජයත් අතර සාකච්චා ආරම්භ වී නොමැති බවත් චීනයේ පෞද්ගලික සමාගමකට සත්වෝද්‍යාන 1000ක් වෙනුවෙන් අවශ්‍ය රිලව් ලබාගැනීම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
“චීන ආණ්ඩුවත් ලංකා රජයත් අතර කිසිම අවස්ථාව මේ රිලව් ගනුදෙනුවක් ගැන කිසිම සාකච්ඡාවක් ආරම්භ වෙලා නෑ. මේ ආනයන අපනයන ක්‍රියාවලියේ විවිධ පාර්ශ්ව විවිධ යෝජනා ඉදිරිපත් කරනවා.
කෘෂිකර්ම අමාත්‍යවරයාට චීනයේ පුද්ගලික සමාගමක් විසින් සත්වෝද්‍යාන 1000කට පමණ අවශ්‍ය රිලවුන් ලබාගත හැකිදැයි යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ සම්බන්ධව එතුමා කමිටුවක් දාලා එවැනි වෙළඳ ගනුදෙනුවක් කළ හැකිදැයි යන්න අධ්‍යනය කරමින් යන බව කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා.
කිසිම රටකට එහෙම සතුන් නිදහසේ හුවමාරු කරන්න බෑ. අපිටත් වඩා ඉතාම දැඩි නීති රීති පද්ධතියක් චීන රජයේ තිබෙනවා.
මේ මාධ්‍යවල ප්‍රකාශ කරන ආකාරයට ජීවී සතුන් පණ පිටින් මස් පිණිස යවන ක්‍රමවේදයකට රජයවල් අනුමැතිය දෙන්නේ නෑ. ආන්ඩු අතර කිසිම සාකච්ඡාවක් නෑ. “