මහා පරිමාණ මූල්‍ය වංචා සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිළිණි ප්‍රියමාලී සහ ජානකී සිරිවර්ධනට ඇප ලබාදීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (13දා) නියෝග කළේය.
අමානුෂික ලෙස පහර කෑ තම දරුවාටත් මාන්චු දමා පොලිසිය වෙත ගෙන ගිය පොලිසිය මගින් සාධාරණ පරික්ෂනයක් සිදුවේදැයි සැක සහිත බවත් එම නිසා මෙම පහර දිම සම්බන්ධව රජය මැදිහත්වි සාධාරණ පරික්ෂනයක් සිදුකල යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති භු ගර්භ විද්‍යා අධ්‍යන අංශයේ ජේශ්ඨ මහාචාර්‍ය අතුල සේනාරත්න මහතා පවසයි.
Read Moreපසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය නිසා උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි එළගවයින්, මී ගවයින් හා එළුවන් 1660ක් පමණ මරණයට පත් විය. එමෙන්ම තවත් සතුන් විශාල ප්‍රමාණයක් අසාධ්‍ය තත්ත්වයට පත් වූහ.මෙම හදිසි සත්ත්ව මරණ සම්බන්ධව විධිමත් විමර්ශනයක් සිදු කර වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල බලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.
Read Moreත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන ජනවාරි මස 17දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (13දා) නියෝග කළාය.
Read Moreවිදුලිබිල ගෙවීම් පැහැර හැර තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් පිළිබඳ නිවැරදි ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේද යන්න ආණ්ඩුවෙන් විමසන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය
Read Moreකුලී ගමනක් යන මුවාවෙන් තී රෝද රථයකට ගොඩ වු පුද්ගලයන් දෙදෙනකු රයිගම මල්වත්ත ප්‍රදේශයේදී රියදුරු සතුව තිබූ රුපියල් 17000ක මුදලක් හා ත්‍රීරෝද රථය කොල්ල කා රැගෙන ගොස් පසුදින අද (13දා) මිල්ලනිය පරගස්තොට තොටුපිටිය වත්ත ප්‍රදේශයේ දී අත්හැර දමා ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය පවසයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ දින දර්ශනයට අනුව මනුෂ්‍යත්ව දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියි.
Read Moreබ්‍රිතාන්‍ය යුවලක් සිංහළ සංස්කෘතියට අනුව කළුතර කටුකුරුන්දේ දී යුග දිවියට එළඹිනි.
Read Moreපේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති භූගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදුන් බවට චෝදනා නැගුණ සිසුන් දොළොස් දෙනාගෙන් දස දෙනෙකු පේරාදෙණිය පොලිසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreයාපනය මාණිප්පායි ප්‍රදේශයේදී කුඩාලොරි රථයකින් නීතිවිරෝධීව ප්‍රවාහනය කරමින් තිබූ වියලි කහ කිලෝ 2400 ක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (12දා) අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
Read Moreපාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වගකීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බැහැර විය හැකි බවට එම ප්‍රහාරය සිදු වු අවස්ථාවේ නොසිතු සේම වර්ථමානයේද සිතන බවත්, එය ආණ්ඩුවේ ස්ථාවර බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පැවසීය.
Read Moreඅම්පාර සහ මන්නාරම නගර සභා මහ නගර සභා ලෙස උත්ශ්‍රේණිගත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read Moreවිශ්වවිද්‍යාල තුළ පහරදීම් ඇතුලු අනෙකුත් ගැටළු සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා පක්ෂ, පාඨ භේදයකින් තොරව සියලු පක්ෂ එකට එකතුවී තීරණයක් ගත යුතු බව අද (13දා) පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරැන් අදහස් පළ කරමින් පැවසීය.
Read Moreඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන (2022 දෙසැම්බර් 13) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreපිළිකා රෝගයකින් පීඩා විඳි පුද්ගලයෙකු ඉන් ඇතිවන වේදනාව දරාගත නොහැකි කනේරු ඇට ආහාරයට ගැනීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාමවිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පැවසුවාය.
Read Moreප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ් මහතා 76 හැවිරිදි වියෙහි පසුවිය.
Read Moreඅද ( 13) පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමෙන් පසු නව වසරේ පාර්ලිමේන්තුව යළි ජනවාරි 5 වැනිදා රැස්වීමට ඊයේ (12) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read Moreකොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී ඉකුත් 10දා රාත්‍රී මාරක රිය අනතුරක් සිදු කර ඩුබායි වෙත පළා ගිය කෝටිපති ව්‍යාපාරික එම්.බී.එන්.රිසාක් නැමැති 26 හැවිරිදි තරුණයා යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිටියදී ඊයේ (12දා) රාත්‍රී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreජෝර්දානය හුවමාරු මධ්‍යස්ථානයක් කර ගනිමින් විවිධ රටවල රැකියා සඳහා නීතීවිරෝධී ලෙස ශ්‍රී ලාංකිකයන් රැගෙන යාමේ තවත් ජාවාරමක් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තොරතුරු ලැබී ඇති අතර මේ සම්බන්ධයෙන් කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ නිළධාරීන් දැඩි අවධානය යොමුකිරීමට පියවර ගෙන ඇත. මෙවැනි ජාවාරම් පිළිබඳව නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද තොරතුරු වාර්තා විය.
Read Moreවතුකරයේ පාසල් වලට ළමුන්ගේ පැමිණිම බරපතල ලෙස අවම මට්ටමක පවතින බවත් අධ්‍යාපනය බරපතල කඩා වැටිමකට ලක්ව ඇති බවත් වතුකරයේ ළමුන් විශාල පිරිසක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වි සිටින බවත් ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් මහතා පැවසිය.
Read Moreපොලී රහිත ණය ලබාදීම වැනි දිරි ගැන්වීම් හරහා ජනතාව අතර සූර්ය පැනල භාවිතය ප්‍රචලිත කරන්නේ නම් විදුලි බිල වැඩි නොකර මෙම විදුලි අර්බූදය විසඳා ගත හැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ උත්තර ලංකා සභාගයේ කෑගලු දිසා සමුළුව ඊයේ (11දා) දින අමතමිනි.
Read Moreගල්නෑව නගරයේ ප්‍රධාන පාසලක පැවති ආදී ශිෂ්‍ය ක්‍රිකට් තරඟයක් අවසානයේ, අධික වේගයෙන් ගමන් ගත් මෝටර් රථයක් අනතුරකට ලක්වීමෙන් එක් ආදි ශිෂ්‍යයෙකු ඊයේ (11දා) ජීවිතක්ෂයට පත්ව, තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර බවත්, අනතුර සිදු කර පළාගිය රියදුරාද රහසිගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි බවද ගල්නෑව පොලිසිය පවසයි.
Read Moreපෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය නව කළමනාකාර භාරයක් පත්කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
Read Moreරජයේ මූල්‍ය පහසුකම් ලැබෙනතුරු ස්වයං මූල්‍යකරණ යාන්ත්‍රණය හරහා නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දෙයි. මේ වනවිට රට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන ඇතැම් නිවාස ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු තාවකාලික පසුබෑමකට ලක්ව තිබීම ඊට හේතුවයි.
Read Moreනැගෙනහිර පළාතේ ඇති ගව ඝාතකාගාර හා මස් අලෙවිසැල් සතියක කාලයකට වසා තබන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය උපදෙස් ලබා දී තිබේ.මෙම නියෝගය කුකුළු මස් හැර අනෙකුත් මාංශ සඳහ අදාළ වෙයි.
Read Moreපේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාටත් ඔහුගේ පුත්‍රයා අතුලු පවුලේ සාමාජිකයන්ට නිවසටත් පහර දීමට සම්බන්ධ වූ බවට හඳුනාගෙන ඇති සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍යභාවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව එම විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය.
Read Moreපළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම, අදාළ පාසල් මඟින් පමණක් සිදු කෙරෙන අතර එම කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදු නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට හානියක් නොවන අයුරින් රට වෙනුවෙන් එකතු වීමට හැකිනම් අනිවාර්යයෙන්ම එකතු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.
Read Moreකොල්ලුපිටියේ මාරක රිය අනතුරට සම්බන්ධ සුඛෝපභෝගී බෙන්ස් රථය පැදවූ පුද්ගලයා 24 හැවැරිදි ව්‍යාපාරිකයෙක් බවත් ඔහු මේ වන විට ඩුබායි වෙත පළාගොස් ඇති බවට තොරතුරු හෙළිව ඇති බවත් පොලීසිය පවසයි. අනතුර සිදුවූ පැය කිහිපයක් ඇතුළත ඔහු රටින් පළාගොස් තිබේ. රාත්‍රී සමාජ ශාලාවක් වෙත ගොස් එමින් සිටියදී මෙම බෙන්ස් රථයට ඉදිරියෙන් ගමන් කළ ත්‍රි රෝද රථයක් අනතුරට ලක්කළ අතර ත්‍රි රෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මිය ගියේය.
Read Moreශ්‍රී ලංකාවේ වායු ගුණත්වය සාමාන්‍ය මට්ටමට තවදුරටත් පැමිණෙමින් තිබේ. වායු ගුණාත්මක දර්ශකය අනුව ශ්‍රී ලංකාවේ කිසිම දිස්ත්‍රික්කයක් තුළ මේ වන විට සෞඛ්‍යයට අහිතකර මට්ටමක නොමැත.
Read More