2019 වර්ෂයේදී රුපියල් බිලියන 3.4ක් වැයකොට උසස්පෙළ සිසුන් හා ගුරුවරුන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මිලදීගත් ටැබ් පරිගණක හා ආරෝපිත රාක්ක පලදායී ආකාරයෙන් යොදවා නොමැති බව කෝපා කමිටුවේදී අනාවරණය විය.
මේ පිළිබඳ අනාවරණය වූයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ 2019/2020/2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂාකිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය (20) දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.
මෙහිදී අනාවර්ණය වූයේ ඇතැම් ටැබ් පරිගණක වගකීම් කාලය අවසන් වන තුරුද බෙදා දී නොමැති බවයි. එසේම වර්තමානය වන විට බෙදාහරින ලද ටැබ් පරිගණක වලින් වැඩි ප්‍රමාණයක් නිෂ්කාර්යව පවතින බවත් එසේම යම් ප්‍රමාණයක් අස්ථාන ගතව පවතින බවත් මෙහිදී අනාවරණය විය. තවද මෙම ටැබ් පරිගණක සාදාරණ ආකාරයෙන් බෙදාහැර නොමැති බවද මෙහිදී හෙලි විය.
මේ අනුව සැප්තැම්බර් 26 වැනිදාට පෙර මේ පිළිබඳ පූර්ණ විස්තර සහිත වාර්තාවක් කෝපා කමිටුවට ලබාදීමට නිර්දේශ කළේය.
අධ්‍යාපන කළමනාකරණ දත්ත පද්ධතිය (NEMIS) වෙනුවෙන් 2013 හා 2014 වර්ෂ වලදී රු. මිලියන 64 වියදම් කළද ප්‍රමාණවත් දත්ත එහි අන්තර්ගත නැති බවද මෙහිදී අනාවරණය විය. මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ මෙහි ගුරුවරුන් පිළිබඳ දත්ත අන්තර්ගත වන බවත් ළමුන් පිළිබඳ දත්ත අන්තර්ගත වන්නේ වෙනත් පද්ධතියක බවත්ය. එසේම මෙම පද්ධතිය යාවත්කාලීන වීමේ දුර්වලතාවක් පවතින බවද පැවසීය.
මෙහිදී කෝපා කමිටුව පෙන්වා දුන්නේ මෙහි පවතින දත්ත ප්‍රමාණවත් නොමැති බවයි. මේ නිසා මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සොයා බැලීමට ජූලි 07 වැනි දින මේ සම්බන්ධ සියලු පාර්ශ්වයන් කෝපා කමිටුවට කැදවන බවයි.
එසේම උසස් පෙළ සිසුන්ගේ පාසැල් පැමිණීමේ ප්‍රතිශතය අවම මට්ටමක පැවතීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. මේ අනුව මේ පිළිබඳ 2020 වර්ෂයේදී පර්යේෂණයක් සිදු කොට නිර්දේශ 15 ක් ලබාදී ඇති බව නිලධාරීන් පෙන්වා දුන්නේය. මෙහිදී කමිටුව පැවසුවේ අද වන විට පවතින තත්ත්වය මීට වඩා වෙනස් වන බැවින් මෙම නිර්දේශ තවදුරටත් යාවත්කාලීන විය යුතු බවයි.