saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 4446 hours ago

LATEST

ශ්‍රී ලංකාව රතු කලාපයෙන් බැහැරට

calendar_today 2022 දෙසැ 12 - 14:35 remove_red_eye - 319  

ශ්‍රී ලංකාවේ වායු ගුණත්වය සාමාන්‍ය මට්ටමට තවදුරටත් පැමිණෙමින් තිබේ. වායු ගුණාත්මක දර්ශකය අනුව ශ්‍රී ලංකාවේ කිසිම දිස්ත්‍රික්කයක් තුළ මේ වන විට සෞඛ්‍යයට අහිතකර මට්ටමක නොමැත.

දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමේ ආණ්ඩුවේ උත්සාහය පරාජය කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ලිපියක් යොමුකරමින් පවසයි.

Read More

අනුරාධපුර තිසා වැව ආසන්නයේ පිහිටා ඇති භාවනා මධ්‍යස්ථානයක නායක හිමි දානමය පින්කමකට වැඩම කර සිටි අවස්ථාවේදී ඊයේ (11දා) ආවාස ගෙය කඩා රුපියල් ලක්ෂ දෙකක මුදලක් සොරකම් කර ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි.

Read More

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යළිත් හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය අද (12දා) නියෝග කළාය. නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් ඔහු මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරණි

Read More

මාකට් නීතිය අහෝසි කිරීමත් සමග නගර මධ්‍යයේ මහා පරිමාණ එළවඵ වෙළෙඳ සැල් ආරම්භ කිරීම නිසා, දිවයින පුරා ඇති සතිපොළවල් මේ වන විට වැසී යමින් පවතින බව සතිපොළ වෙළෙන්දෝ පවසති. නගර සභා සහ ප්‍රාදේශීය සභාවල ප්‍රධාන ආදායම් මාර්ගයක් වූ සතිපොළ ආදායම මේ වන විට විශාල ලෙස අඩුවෙමින් පවතින බවත්, එම පොළවල්වල ටෙන්ඩර මිලදී ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවන බවත් එම වෙ⁣ළෙඳුන් පෙන්වා දෙති.

Read More

මැණ්ඩවූස් සුලි කුණාටුව හේතුවෙන් උතුරු මුහුදු තීරයට බලපෑ සුලි සුලඟට හසුවීම හේතුවෙන් උතුරේ ධීවරයින්ගේ ධීවර යාත්‍රා 50 කට ආසන්න දැඩි හානි සිදුව ඇතැයි උතුරු පලාත් ධීවර සංගම් පවසති.

Read More

යාපනය හා චෙන්නායි අතර ජාත්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කරමින් චෙන්නායි සිට ඉන්දියාවේ ඇලියාන්ස් එයාර් සමාගමට අයත් ගුවන් යානයක් යාපනය ගුවන් තොටුපොළට පැමිණ තිබේ.

Read More

දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රූප වෙතට ඊයේ (11දා) දින වව්නියාවේදී කුණු තක්කාලි ප්‍රහාරයක් එල්ල කොට විරෝධතාවක නිරත වීමට අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් පියවර ගෙන තිබුණි.

Read More

ලංගම බස්රථ දෙකක් අද (12දා) අළුයම එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොල්ගහවෙල පොලීසිය පවසයි.

Read More

අසත්‍ය තොරතුරු මත විදේස්ගතවී සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් සිය කාර්යංශයට මැදිහත්විය නොහැකි බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති මහේන්ද්‍ර කුමරසිංහ මහතා පවසයි.

Read More

ප්‍රධාන දුම්රිය මාර්ගයේ, පොල්ගහවෙල දුම්රිය ස්ථානය අසළ පිහිටි පොල්ගහවෙල - කෑගල්ල, A 19 මාර්ගය හරහා වැටී ඇති පොල්ගහවෙල දුම්රිය හරස් මාර්ගයේ අළුත්වැඩියා කටයුතු සඳහා එළැඹෙන 15දා සිට 18 දා දක්වා සිදුකිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

’’මම හිතන්නේ මේක ධනාත්මක අයවැයක් කියලා. (සහන) අනාගතයේදී ලැබෙයි. මැතිවරණයක් ආවොත් ඒකට ලෑස්ති වෙනවා. තාම එහෙම බලාපොරොත්තුවක් නෑ කල් තියෙනවා ඕන තරම්. අපි ජනතාවට කියන්නේ ඉවසීමෙන් කටයුතු කරන්න කියලා’’

Read More

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයට අයත් හොරිවිල ප්‍රදේශයේ අක්කර 1500 ක පමණ අති විශාල බඩ ඉරිගු වගාව සේනා දළඹු ප්‍රහාරයක් එල්ලවීම නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි ගොවීහු පවසති.

Read More

තෙල්දෙණිය පොලිස් වසමේ, මහියංගනය - මහනුවර මාර්ගයේ පිහිටි ප්‍රධාන ලංගම බස් නැවතුම්පොළ ඉදිරිපිට ඇති බස් නැවතුම්පොලේ සිටි පුද්ගලයන් පිරිසකගේ ලොරි රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් එම බස් නැවතුම්පොලේ සිටි පුද්ගලයන් 10ක් තුවාල ලබ ාතෙල්දෙණිය රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක හා එල්.පී.එල්. තරගාවලියේ දඹුල්ල ඔ්රා කණ්ඩායමේ නායක දසුන් ශානකට තරග මුදලින් සියයට 40 ක් දඩමුදලක් පැනවීමට ක්‍රියාකොටට ඇත. ඒ් කලම්බු ස්ටාර්ස් සමගින් පසුගියදා (08දා) පැවති තරගය අතරතුරදී පිටියේ විනිසුරු තීරණයකට විරෝධය පෑම හේතුවෙනි.

Read More

දසුන් ශානකගේ නායකත්වයෙන් දඹුල්ල අවුරා කණ්ඩායම පරදා ලකුණු 51ක පහසු ජයක් වාර්තා කිරීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට හැකි විය.

Read More

නිරෝෂන් දික්වැල්ලගේ දක්ෂ පිතිහරඹට අපතේ යවමින් ගෝල් ග්ලැඩියේටර්ස් හමුවේ ලකුනු 25 කින් පරාජයට පත්වීමට ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කලම්බු ස්ටාර්ස්ට සිදුවිය. තරගාවලියේ 7 වැනි තරගය ලෙසින් මෙය පල්ලෙකැලේදී පැවැත්විණි.

Read More

ගුවන් මගීන්ට කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹට පැමිණීම සඳහා නව දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමට විෂයභාර අමාත්‍යාංශ එක්ව තීරණය කර තිබේ.

Read More

නැගෙනහිර පළාත තුළ පවත්වාගෙන යන ගොවිපළවල්හි සතුන්ට නිදැල්ලේ යාමට ඉඩ සලස්වන ගොවීන්ගෙන් දඩ මුදලක් අය කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය තීරණය කර තිබේ.

Read More

‍2023 වසරේ දී කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ආයතන 08ක් සම්බන්ධයෙන් වැදගත් තීන්දුවක් ගන්නා බව කෘෂිකර්ම වන ජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

Read More

බ්‍රිතාන්‍යයේ සුවකළ නොහැකි ලියුකේමියා පිළිකා තත්ත්වයකින් පෙලුණු දැරියකට සුවිශේෂී ප්‍රතිකාර ක්‍රමයක් මගින් අගේ ශරීරයේ වූ එම තත්ත්වය සම්පූර්ණයෙන් පහව ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

භෞතික සම්පත් සංවර්ධනය සදහා සිව්මහ නගර ලෙස කොළඹ, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ යාපනය නගර හදුනා ගැනේ. එම නගර යා කරමින් ආර්ථික කොරිඩෝ 9 ක් ද හදුනා ගෙන ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම නගර සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සදහා අවශ්‍ය උපදෙස් අදාළ අංශ වෙත ලබා දී ඇති බවයි.

Read More

දුම්රිය ගමනාගමනයේදී ඇතිවන දෛනික ප්‍රමාදයන් පිළිබඳ වගකීම, දුම්රිය පාලකවරුන් වෙත පවරමින් විවිධ මාධ්‍ය ඔස්සේ චෝදනා ඉදිරිපත් කරන නමුත් දුම්රිය ප්‍රමාදවීමට හේතු ගණනාවක් පවතින බව දුම්රිය පාලකවරුන්ගේ සංගමය පවසයි.

Read More

අගමැතිනි ෂීක් හසීනාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් දස දහස් ගණනක් බංග්ලාදේශයේ විරෝධතා පවත්වන බව විදෙස් වාර්තා පවසයි.

Read More

කොල්ලුපිටිය ගාලු පාර ඇල්ප්‍රඩ් මාවත ආසන්නයේදී සුඛෝපභෝගී මොටර් රථයක ගැටී ත්‍රීරෝද රථ රියදුරෙකු මිය යාමෙන් අනතුරුව මෝටර් රථයේ ගමන් ගත් තරුණියකට අමානුෂික පහරදුන් බව කියන කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

Read More

ඇල්ලේ මේ දිනවල ඔක්සිජන් ප්‍රමාණය 25 දක්වා වැ‍ඩිවී ඇති බවත් ලෝකයේ ඔන්සිජන් ප්‍රතිශතය දෙන බලන විට එය විශාල වැඩිවීමක් බවත් විද්‍යාඥයෙකු වන මඩවල උපාලි හිමියෝ පවසති.

Read More

අරාබි රාජ්‍යයන් එක් චීනයක් මූලධර්මය දැඩිව පිළිපදින බවත්, එහි ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට චීනයට සහාය දෙන බවත් පවසයි.

Read More

සංචාරක වීසා මඟින් මැලේසියා වේ රැකියා ලබාදීමට පුද්ගලයින් 09 දෙනෙකුගෙන් රු 5,015,000ක මුදලක් ලබා ගෙන විමර්ශන නිලධාරින් මගහැර සැඟව සිටි තංගල්ල ප්‍රදේශයේ කාන්තාවක් විදේශසේවා වමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 13 දින දක්වා රිමාන්ඩ් කර ඇත.

Read More

පසුගිය දින කිහිපය පුරා සෞඛ්‍යයට අහිතකර ලෙස පැවැති වායු ගුණාත්මක දර්ශකය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබේ. කෙසේ වෙතත් යාපනය දිස්ත්‍රික්කය තුළ තවමත් වායු ගුණත්වය අහිතකර මට්ටමක පවතී.

Read More

තමන් අධ්‍යාපනය ලැබූ පාසැල් ඇතුළු පාසැල ඇතුළු තවත් පාසැල් 08 ක් සමඟ රාජ්‍ය ආයතන හා ව්‍යාපාරික ස්ථාන බිඳ රුපියල් ලක්ෂ 25 ක පමණ වටිනාකමින් යුත් මුදල් හා භාණ්ඩ සොරාගත් බව කියන 29 හැවිරිදි පුද්ගලයෙකු පේරාදෙණිය පොලීසිය විසින් පෙරේදා (09) සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.