හීලෑ අති ඇතුන් 14 දෙනෙකු මුදාහරින ලෙසට නිකුත් කළ අධිකරණ නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය වෙත ඊයේ රිට් ආඥා පෙත්සමක් ගොනු කර තිබේ.ඩ
අද (22) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 331 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.
Read Moreවනජිවි නිලධාරින්ට ව්‍යාජ තොරතුරු ලබා දි වන අලින් පලවා හැරිමේ කටයුතු කඩාකප්පල් කිරිම නිසා වන අලින් පලවා හැරිම් සිදු නොකිරිමට නිලධාරින් තිරණය කර ඇති බව මාතලේ රජ්ජම්මන වනජිවි අඩවි කාර්යාලය කියයි.
Read Moreපාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (22) පැවැත්වේ.
Read Moreජාත්‍යන්තර දේශපාලනය තුළ ශ්‍රී ලංකාව වැනි රටවල් පාලනය කිරීම සදහා පිහිටුවා ගත් සංවිධානයක් ලෙස ජිනිවා මානව හිමිකම් කොමිසමේ ක්‍රියාකාරිත්වය තේරුම් ගත යුතු බව ගෝලීය ශ්‍රී ලංකා සංසදය පවසයි.
Read Moreචීන ජනාධිපති ෂී ජින්පිං එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් සුවිශේෂී දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින දුර්වල රාජ්‍යයන්ට ආධාර කිරීම සඳහා ණය අත්හිටුවීම සහ සංවර්ධන ආධාර වැනි ක්‍රම අපිට භාවිත කළ හැකි බව සිහිපත් කරයි.
Read Moreඉදිරියේදි එන්නත්කරණ කටයුතු සිමා කිරිමට සිදුවිය හැකි බැවින් වහාම එන්නත් ලබාගන්නා ලෙස සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා දැනුම් දෙයි.
Read Moreකෝවිඩ් මර්දන 03වැනි එන්නත් මාත්‍රාව ලෙස මෙරට ජනතාවට ෆයිසර් එන්නත ලබාදෙන බවත්, ඒ අනුව ඊට අවශ්‍ය එන්නත් මාත්‍රා මිලියන 14ක් ඇණවුම් කර ඇති බවත්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය.
Read Moreඑක්සත් ජනපදයේ දිවි ගෙවීමේ බලාපොරොත්තුවෙන් කරදරකාරී කැරිබියන් දූපතෙන් මිදී දකුණු ඇමරිකාව හරහා දුෂ්කර මුහුදු ගමන වෙනුවෙන් ඩොලර් 1000ක් වියදම් කර පැමිණි හයිටි ජනතාව ආපසු හැරවේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් එළඹෙන අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ දී සී.සී.සී කණ්ඩායමෙන් ඉවත්ව එස්.එස්.සී ක්‍රීඩා සමාජය නියෝජනය කිරීම සදහා එම කණ්ඩායම සමග එක්ව තිබේ.
Read Moreඅගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල නායකයන් අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදි හෙට (22) දහවල් පැවැත්වේ.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශය මේ මස මුලදී නිවේදනය කළ පරිදි, දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින් සඳහා ෆයිසර්-බයෝඑන්ටෙක් හෝ මොඩෙර්නා එන්නත්වල තුන්වැනි මාත්‍රාවන් ලබාදෙනු ඇත.
Read Moreකොවිඩ් 19 වයිසරය ආසාදනයවීම හේතුවෙන් වවුනියාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් ඊයේ (20) දින ජිවිතක්ෂයට පත්ව ඇතැයි වව්නියාව සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පැවසීය.
Read Moreකිරිපිටි,තිරිගු පිටි,ලෑස් හා සිමෙන්ති මිල ගණන් අනිවාර්යෙන්ම වැඩි කිරිමට සිදුවන බව සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
Read Moreප්‍රංශයේ කොන්ත්‍රාත්තුව අත්හිටුවා, ඔස්ට්‍රේලියාව විසින් බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් න්‍යෂ්ටික සබ්මැරීන ලබාගැනීම ගැන යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් චෝදනා කරයි.
Read Moreපසුගිය කාල සීමාව තුලදී විවිධ මාධ්‍ය ආයතනවල විධායක අධ්‍යක්ෂධූරයද අධ්යක්ෂජනරාල්ධූරයද සදහන් කරමින් පෙනීසිටි ඔහු පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ පනතට අනුව එවැනි තනතුරක් නොමැති බවත් පූර්ණකාලීන සාමාජිකයෙකු වශයෙන් පමණක් සේවය කල බවත් රාජ්‍ය අමාත්වරයා වැඩිදුරටත් සදහන් කරන ලදී.
Read Moreදිවයිනේ පළාත් කිහිපයක තැනින් තැන ගිගිරුම් වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
Read Moreඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සමග එක්ව ඔස්ට්‍රේලියාවට න්‍යෂ්ටික සබ්මැරීන ලබාදීමට සූදානම් වන මෙම ගිවිසුම හරහා ප්‍රංශය මෙන්ම, අග්නිදිග ආසියාවේ බලවතුන්ද දැඩි නොසතුටට පත්ව තිබේ.
Read Moreජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්යක්ෂවරයාව සිටි මිලින්ද රාජපක්ෂ මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් ධුරයට පත් කෙරේ. ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (21) සිය අමාත්‍යංශයේදී පත්වීම් ලිපිය ඔහු වෙත ප්රදානය කළේය.
Read More5 ශ්‍රේණිය සහ ඊට පහළ පන්ති සඳහා පාසල් නැවත විවෘත කිරීමට අදාල මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට භාරදුන් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසා සිටියි.
Read Moreඊයේ (20) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 66 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් දෙදෙනෙක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 11 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 55 දෙනෙකු අයත්.
Read Moreමෙරට වයස අවුරුදු 12 ත් 19 ත් අතර ආබාධ සහිත සහ නිදන්ගත රෝගවලින් පෙළෙන ළමුන් සඳහා එළඹෙන 24 වනදා සිට ෆයිසර් එන්නත් ලබාදීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
Read Moreමේ දිනවල ලංකාව, ඉන්දියාව ඇතුළු රටවල් රැසක කතාබහට ලක්වන යොහානි ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතය කැලිෆෝනියාවේ වයලින් වාදක දැරියක් විසින් වයලීනයෙන් වාදනය කරන වීඩියෝවක් අන්තර්ජාලය පුරා සැරිසරයි
Read Moreවර්තමානයේ සාකච්ඡාවට ගැනෙන ප්‍රධාන ගැටලු සහ ඊට අදාළ ආයතන රැසක් පිළිබදවද මන්ත්‍රීවරු සිය අදහස් ඉදිරිපත් කළහ. ඒ අතරින් ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලිට්රෝ ගෑස් ආයතනය ආදී ආයතනවල ඇතැම් ගැටලුකාරී තත්ත්වයන් පිළිබද මෙහිදී සාකච්ඡා විය. එම ගැටලු පිළිබද ඉදිරි කෝප් රැස්වීම්වලදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී පැවසීය.
Read More2018 වර්ෂයේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයක් තිබෙන බවට නාමල් කුමාර නැමැත්තෙක් හඬ පටයක් ඉදිරිපත් කරමින් පැමිණිල්ලක් කළ බවත් එම පැමිණිල්ලට අදාළ විමර්ෂන අවසානයේදී ඊට කිසිදු දේශපාලන පක්ෂයක් හෝ දේශපාලඥයෙක් සම්බන්ධ නොමැති බවට තහවුරු වූ බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය.
Read Moreමහේස්ත්‍රාත්වරයෙකුගේ නිල නිවසේ බිමතින් ආරක්ෂක රාජකාරියේ යෙදි සිටි බව කියන කටුගස්තොට පොලීසියේ නිලධාරින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
Read Moreඇෆ්ගනිස්තානය තුළ මෙවර IPL ක්‍රිකට් තරගාවලිය විකාශය කිරීම තහනම් කිරීමට තලෙයිබාන් සංවිධානය පියවර ගෙන තිබේ.
Read Moreපොලිස් සැරයන්වරයකු මෝටර් රථයේ බොනට්ටුව මත එල්ලී සිටියදී මෝටර් රථය කිලෝමීටරයක් පමණ දුරක් රැගෙන ගොස් සැරයන්වරයා ව බිමට වැටීමට සලස්වා පලාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හඳුනාගත් බව නුගේගොඩ කොට්ඨාස ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.
Read Moreඅත්අඩංගුවට ගෙන සිටින අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු සිවු දෙනා ඔක්තෝබර් පස්වැනිදා දක්වා යළි රිමාන්ඩ් කර තිබේ.
Read Moreලෝක වෙළෙඳපොළේ මිල වැඩිවීම අනුව යම් කිසි ආකාරයකට මිල වැඩි වීමකට යන්නට සිදුවන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි.
Read More