ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින ලෙස කිරුළ පැළඳී පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ එම කිරුළ ඇයගෙන් ඉවත් කිරීමට විවාහක රූ රැජින තරගාවලියේ අධ්යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා කටයුතු කර තිබේ.
තම සංවිධානයට පැවරී ඇති නීත්යාලනුකූල බලතල අනුව මෙම පියවර ගත් බවත්, ඒ අනුව පුෂ්පිකා ද සිල්වා මහත්මියට "ශ්‍රී ලංකා විවාහක රූ රැජින" යන නාමය දේශීය වශයෙන් හෝ ජාත්යවන්තර වශයෙන් හෝ මොනයම් ආකාරයකින් හෝ භාවිතා කිරීමට නොහැකි බවත් චන්දිමාල් ජයසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
යම් හෙයකින් මින් ඉදිරියට දේශිය වශයෙන් හා අන්තර් ජාතික වශයෙන් එම නාමය භාවිතා කළ හොත් ඇයට විරුද්ධව නීත්‍යානුකුළ ක්‍රියා මාර්ග ගන්නා බවට ද එම නිවේදනයේ වැඩිදුරටත් වේ.
පුෂ්පිකා ද සිල්වා මහත්මිය 2021 ලෝක විවාහක රූ රැජින තරගාවලිය සදහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින් පසුගිය ජනවාරි මස 25 වැනි දින ඇමැරිකාවේ දී තරඟ වැදුන අතර එහිදී ඇයට එම තරගයේ අවසන් 6 දෙනා අතරට පැමිණීමට හැකි විය.
එම සිද්ධියෙන් පසු තමාට හිමිවීමට නියමිතව තිබු ලෝක විවාහක රූ රැජින කිරුළ කුමන්ත්‍රනකාරි ලෙස තමට අහිමි කළ බවට ඇය සමාජ මාධ්‍ය ඔස්සේ කිහිප දෙනෙකු වෙතම චෝදනා එල්ල කර තිබිණි.

