ඇල්පිටිය අළුත්ගම ප්‍රධාන මාර්ගයේ නවදගල ප්‍රදේශයේදී අද(08දා) සිදුවූ රිය අනතුරකින් රියදුරන් දෙදෙනා බරපතල තුවාල ලබා ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
ඇල්පිටිය දෙස සිට අළුත්ගම බලා ධාවනය වෙමින් තිබූ කන්ටේනර් රථයක අලුත්ගම සිට ඇල්පිටිය බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලීසිය පවසයි.
අනතුරෙන් බරපතල තුවාල ලබා සිටි බස් රථයේ රියදුරු ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබේ. කන්ටේනර් රථයේ රියදුරු පොඩිපට්ටම් වූ සුන්බුන් අතර සිරවී සිටි අතර ගම්වාසීන් සෑහෙන පරිශ්‍රමයක් දරා ඔහු එළියට ගෙන 1990 ගිලන් රථයක් මාර්ගයෙන් රෝහල් ගත කරනු ලැබීය.
මෙම බස් රථය ඉතාවේගයෙන් පැමිණ තමන් පැමිණි ක්න්ටේනර් රථයේ ඉදිරිපස ගැටුණ බව එම කන්ටේනර් රථයේ පැමිණි රියදුරු සහායකයන් පැවසූහ.
කන්ටේනර් රථය පාසල් නිල ඇඳුම් බෙදාදීම සඳහා පැමිණි එකක් බවත් එය කෑගල්ල ප්‍රදේශයේ එකක් බවත් පොලිසිය පවසයි.
රියදුරන් දෙදෙනාගේම තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි. ඇල්පිටිය මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර