saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6391 hours ago

LATEST

ගර්භනී කාන්තාවන්ගෙන් සියයට 90ක ට එන්නත්

calendar_today 2021 සැප් 21 - 16:13 remove_red_eye - 131  

කොවිඩ් රෝගය නිවාරණය පිණිස දකුණු ආසියාවේ ගර්භනී මාතාවන් එන්නත්කිරීම ප්‍රථමයෙන් ආරම්භ කළේ ශ්‍රී ලංකාව බවත් මේ වන විට ගර්භනී කාන්තාවන්ගෙන් සියයට 90කට එන්නත් දී ඇති බවත් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.

මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලවකවානුව සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරමින් තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණේවර්ධන පවසා සිටියි.

Read More

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා නැමැති පනත් කෙටුම්පතට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පෙරවරුවේ සිය සහතිකය සටහන් කළේය.

Read More

පාස්කු ප‍්‍රහාර සිද්ධය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුයුදීන් මහතා ඔක්තෝබර් මස 05වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මසේත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළේය.

Read More

පසුගිය සිකුරාදා දිනයේ සිට සුරා සැල් විවෘත කිරීමට කටයුතු කිරීමත් සමග ඒ අසළ ඇතිවූ තිබූ තද බදය මේ වන විට පහළ ගොස් තිබේ.

Read More

හිඟ විදුලි බිල්පත් ගෙවීම සඳහා වාරික 24ක සහන කාලයක් ලබාදීමට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.

Read More

බාල වර්ගයේ ඖෂධ හෝ අසාදුගත කර ඇති ඖෂධ වෙළෙදපොළට පැමිණීමේ කිසිදු අවදානමක් නැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේ දී අද අවධාරණය කළේය.

Read More

අගොස්තු 21දායින් පසුව අඩුම PCR පරීක්ෂණ ප්‍රමාණයක් හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රමාණයක් සිදුකළ දිනය ලෙස ඊයේ (20දා) සටහන් වී තිබේ.

Read More

2020 උසස් පෙළ සඳහා නව සහ පැරණි විෂයධාරා යටතේ පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා තෝරා ගන්නා දිස්ත්‍රික් ප්‍රතිශතයන් මේ වන විට නිකුත් කර තිබේ.

Read More

වත්මන් ආණ්ඩුව යටතේ ඖෂද මාෆියාවට පෙර පරිදි රිසිසේ කටයුතු කිරීමට නොහැකි වීම නිසා ඇතිවූ ඉච්චා භංගත්වය සහ අසීමිත මූල්‍ය වාසි නොලැබීම හේතුවෙන් ඇති වූ ද්වේෂය මත දත්ත පද්ධතියට පහර දුන්නා විය හැකි බවත් මෙහි සත්‍ය කරුණු සහ මෙය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරනු ලබන විමර්ශන මගින් අණාවරනය කෙරෙමින් පවතින බවත් ඊට පිළිතුරු ලබා දෙමින් ඖෂද නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

Read More

වැලි, පස්/ බොරළු හා කළුගල් ප්‍රවාහණය සඳහා අවශ්‍ය බලපත් ලබා දීම සඳහා මාර්ගගත වැඩ පිළිවෙළක් ආරම්භ කිරීම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් පියවර ගෙන ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Read More

කිලිනොච්චි දිස්ත්‍රික්කය ඇතුළු උතුරු පළාතේ ප්‍රමුඛ ගැටළුවක් බවට පත්ව ඇති තැපැල් සහ උප තැපැල්කාර්යාල නොමැතිවීම නිසා ජනතාව පත්ව ඇති අසීරුතාවයන්ට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා ,උතුරු පළාත් දේශපාලන නියෝජිතයින් සමග සාකච්ඡා කර අවශ්‍ය විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Read More

පාසල් සිසුන් සඳහා කෝවිඩ් එන්නත ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝගයක් ලබා දී තිබෙන බවත් ඒ අනුව පළමුවෙන් උසස් පෙළ විභාගයට මුහුණ දීමට අපේක්ෂාවෙන් සිසුන්ට ෆයිසර් එන්නත ලබා දීමට සැලසුම් කර තිබෙන බවත් සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Read More

මෙරට කොවිඩ් එන්නත්කරණය යටතේ ඊයේ දිනයේ පුද්ගලයින් 59,187 දෙනෙකුට එන්නත්කරණය ලබා දි තිබේ.

Read More

මේ ආකාරයට කූට ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍ර සහ වීසා බලපත්‍ර උපයෝගී කරගෙන ඉතාලිය වෙත පැනයාමට උත්සාහ දරන්නන්ගේ සැලකිය යුතු සංඛ්‍යාත්මක වැඩිවීමක් මේ දිනවල දක්නට ලැබෙන බව කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත නිරීක්ෂණය වී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවැසීය.

Read More

ජයන්ත කැටගොඩ මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරයෙකු ලෙස මීට පෙර ද කටයුතු කළ අතර බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට අවස්ථාව ලබාදෙමින් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය හා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 509 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කර සිටියි.

Read More

ලබන මාසදී පාකිස්තානයේ සිදු කිරීමට නියමිතව තිබූ තරග සංචාරය අවලංගු කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. පාකිස්තාන තරග සංචාරයේ දී එංගලන්ත පිරිමි කණ්ඩායම 20යි 20 තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ අතර, කාන්තා කණ්ඩායම 20යි 20 තරග දෙකකට හා එක්දින තරග 3කට ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණි.

Read More

කිරිපිටි මිල වැඩි කිරිම සම්බන්ධයෙන් අනිද්දා රැස් වෙන වියදම් කමිටුවේදි සාකච්ජා කිරිම සම්බන්ධයෙන් අනිද්දා රැස්වෙන ජිවන වියදම් කමිටුවේදි සාකච්ජා කිරිමට නියමිතය.

Read More

කොරෝනා මර්දන එන්නත් තුන් කෝටි පහලොස් ලක්ෂ පනස් හය දහස් හතලිස් හතරක් මේ වනවිට මෙරටට රැගෙනවිත් ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් ආරම්භ කළ විරෝධතාව තවමත් ක්‍රියාත්මකයි.

Read More

කොවිඩ් 19 වෙනුවෙන් චීනයේ සිනෝෆාම් සමූහය විසින් නිපදවූ සිනෝෆාම් එන්නත අවුරුදු 3 -17 අතර දරුවන්ට ආරක්ෂාව ලබාදෙන බව නවතම පරීක්ෂණයකින් හෙළිව තිබේ.

Read More

පාර්ලිමේන්තුව අද (21) සහ හෙට (22) රැස්වීමට නියමිතව තිබේ.

Read More

කොවිඩ් රෝගය හා ස්නානය සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය ප්‍රකාශ හේතුවෙන් මාසයක් පමණ ගතවන තෙක් ස්නානාය නොකල කොවිඩ් සුව වූ හා කොවිඩ් එන්නත ලබාගත් පුද්ගලයන් දක්නට ලැබෙන බව කොළඹ වෛද්‍ය පීඨයේ, වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ඉන්දික කරුණාරත්න මහතා ප්‍රකාශ කරයි.

Read More

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සමගාමීව පැවැත්වීමට සූදානම් කොවිඩ් සමුළුව රුසියාව ප්‍රතික්ෂේප කරයි.

Read More

අද (21) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 331 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.

Read More

සිරකරු දිනය නිමිත්තෙන් රැඳවියන් 89 දෙනකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල් - හමාඩ් අල් - සබා මහතා අතර හමුවක් ඊයේ පෙරවරුවේ නිව්යෝර්ක් මෑන්හැට්න්හි දී සිදු කෙරිණ.

Read More

චීනයේ පරිත්‍යාගය මගින් වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ එක්සත් ජාතීන්ගේ හැකියාව වැඩි කරන අතර, සාම සාධක භටයින්ට තම යුතුකම් හා මෙහෙවර වඩාත් හොඳින් ඉටු කිරීමට හැකි වනු ඇතැයි එක්සත් ජාතීන් පවසයි.

Read More

මත්ද්‍රව්‍ය තම සන්තකයේ තබා ගැනිමේ චෝදනාව මත කොළඹ මහාධිකරණය මගින් වරදකරු කොට ජිවිතාන්නතය දක්වා සිර දඩුවම් ලැබ වසර දෙකක කාලයක් සිර දඩුවම් විදිමින් සිටි කාන්තාවක් නිදොස් කොට නිදහස් කිරිමට අභියාචනාධිකරණය තිරණය කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.