මහපොළ භාරකාර අරමුදල ලලිත් ඇතුලත්මුදලි මහපොළ භාරකාර අරමුදල බවට පත් කිරීම සඳහා රජය තීරණය කළ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ලලිත් ඇතුලත්මුදලි ඇමතිවරයාට ගෞරවයක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග ද්විත්වයක් සහ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම) පිළිබද අද (08දා) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
මහපොළ භාරකාර අරමුදල මෙම සංශෝධනය හරහා පොදු දේපළ පනතට යටත් වන බවත්, ඒ අනුව මෙම අරමුදලෙහි සිදු කරන අක්‍රමිකතා, වංචාවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ ඉදිරියේදී කටයුතු කරන බවත් සඳහන් කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා,
"පසුගිය යහපාලන රජයේ කවදාවත් නොවූ විරූ අයුරින් මහපොළ සම්බන්ධයෙන් විවිධ වංචා, දූෂණ, අක්‍රමිකතා සාමාන්‍ය ප්‍රමාණයක් වෙලා තිබෙන බව මම මේ අවස්ථාවේ දැනුම් දෙන්න කැමතියි. අද ආණ්ඩුවේ ඉන්න අපේ අතින් මෙයින් දශමෙකින් පංගුවක දෙයක් වුණා නම් විපක්ෂය අරන් යන ක්‍රමය පිළිබඳ මට හිතාගන්න පුළුවන්. ඒ තරම් සියලු දෙනා ඇසක් වගේ ආරක්ෂා කළ විවිධ රජයන් යටතේ ඉතාම පොදු වස්තුවක් ලෙස රැකපු මේ ශිෂ්‍යයන්ට ලැබෙන මුදල් මංකොල්ලකෑමේ ජාවාරමක් මේ තුළ තිබුණා.
දැනට මහපොළ භාරකාර අරමුදලේසභාපති මම. අවස්ථා තුනකදී මමඑහි සභාපති ධුරය දරලා තිබෙනවා. ඒ කාලය තුළ අපි සත පහකවත් වංචාවක්, දූෂණයක්, අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් නියම් ආකාරයෙන් හෝ අනියම් ආකාරයෙන් දායක වෙලා නැති අතර,සියලු ශිෂ්‍යයන්ට ශිෂ්‍යාධාර ලැබීමෙන් පසු පසුගිය වසර 02දී බිලයන 02ට වඩා අතිරික්තයක් මහපොළ උපයලා තියෙනවා.
ඒ අනුව අපේ කාලය තුළ අරමුදල රැකලා තිබෙනවා. අරමුදල වර්ධනය කරලා තිබෙනවා. තවත් ඔන්ලයින් ලොතරැයියක් පටන් ගැනීමත්, වෙනත් විදේශ භාෂා පිළිබඳ විශ්විද්යාලයක් ආරම්භ කිරීමත් ඇතුළු වැඩසටහන් රාශියක් මහපොළ භාරකාර මණ්ඩලය විසින් අනුමත කරලා තිබෙනවා. ඇතුලත්මුදලි ඇමතිවරයා හිතුවා වගේ දේශපාලනඥයන් මෙවැනි අරමුදල්වල සභාපතිත්වයක් දැරීම සාධාරණ නෑ.
ඒ නිසා තමයි අපි කියන්නේ මේ සභාවට අගවිනිසුරුතුමා මෙහි සභාපතිත්වය දරන්නේ නැතිනම්,ඉන්න විනිශ්චයකාරතුමන්ලා දරන්නෙත් නැතිනම් ජනාධිපතිවරයා විසින් නම් කරන ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්රාමගිය විනිසුරුවරයෙක් පත් කරන්න.ඒ සංශෝධනය මෙහි ඇතුළත් වෙනවා. එහි තව සංශෝධනයක් තිබෙනවා.
යම් ලෙසකින් එලෙස විනිශ්චයකාරවරයෙක් සොයාගන්න බැරි වුණොත් රජයේ හිටපු විගණකාධිපතිවරයෙක් මෙහි සභාපති ධුරය සඳහා පත්කිරීමට වන සංශෝධනය මෙහි තිබෙනවා. මේ දෙවැනි සංශෝධනය මගින් මේක පොදු දේපළ පනතට යටත් කරනවා. ඒ අනුව පොදු දේපළ පනතට තමයි අයිති වෙන්නේ මහපොළ භාරකාර අරමුදලත්. මහපොළ සිටින නිලධාරීනුත් ඇතුළු සියලු දෙනා ඒ යටතට වැටෙනවා.
මේ උදාර කර්තව්‍ය කරලා අපේ රටටත්, රටේ අනාගතයටත් යහපතක් වන ලෙස දේශපාලන නායකත්වයේ භූමිකාව ඉෂ්ඨ කළ දේශපාලනඥයෙකු ලෙසලලිත් ඇතුලත්මුදලි මහතාකටයුතු කළා. ඒ අනුව රජය තීරණය කරලා තිබෙනවා මේ මහපොළ භාරකාර අරමුදල ලලිත් ඇතුලත්මුදලි මහපොළ භාරකාර අරමුදල බවට පත් කරන්න.ඒ එතුමාට ගෞරවයක් වශයෙන්"
