ඖෂධ නියාමන අධිකාරියේ මැකී ගිය දත්ත නැවත ලබා ගැනීම (Data Recovery) සඳහා අවශ්‍ය පියවර ගෙන තිබෙන බව ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අද (08දා) පැවැති විවාදයේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පළ කළ අදහසක් සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එමෙන්ම මෙලෙස ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම සම්බන්ධයෙන් යම්කිසි පුද්ගලයෙකු වගකීම් පැහැර හැර තිබෙන්නේ නම් ඒ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් -එන්.එම්.ආර්.ඒ. එක ගැන කතා කරද්දි පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට ලක්වුණා දත්ත සොරකම් කිරීම පිළිබඳ. ඒ පිළිබඳ අධිකරණයේ නඩුවක් යනවා. නමුත් ඇත්තටම මොන දත්තද නැති වුණේ? ඒ පිළිබඳ පරීක්ෂණයට මොකද වෙලා තිබෙන්නේ.
ඒ පිළිබඳ පරීක්ෂණය පසුගිය කාලයේ සී.අයි.ඩී. එක පවත්වාගෙන ගියා. මම දන්න විදියට ඒ මුල් ඩේටා ටික ලබා ගන්න අවස්ථාව ලැබුණේඊයේ දවසේ. ඊයේ සවස තමයි ඒ ඇමෙරිකානු කණ්ඩායම සමග ඩේටා ලබා ගන්න ලෑස්ති වෙලා තිබුණේ. ඖෂධ හිඟයක් ඇති වෙන්න ඩොලර් නැතිවීම වගේම ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදන් වීමත් මොනයම් හෝ ප්‍රමාණයකට බලපාලා තිබෙනවා. ඒ බලපාපු ප්‍රමාණය මොකක්ද? ඒක මේ වනතෙක් නිෂ්චිත වශයෙන් රටේ ජනතාවට සෞඛ්‍ය අංශය විසින් කරුණු ඉදිරිපත් කරලා නෑ.
ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ - ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඩේටා රිකවර් එක දැන් පටන් ගෙන තිබෙනවා. පැහැදිලිවම ඒ සම්බන්ධයෙන් වංචාවක් සිදුවෙලා තිබෙනවා නම් තාක්ෂණ ඇමතිවරයා ලෙස මම ප්‍රකාශ කරන්නේ ඒ පිළිබඳ අපි නීතිය ක්‍රියාත්මක කරනවා. එවැනි සිදුවීමක් වෙන්න කිසිසේත් ඉඩ තියන්න බැහැ.
මෙවැනි දත්ත ආරක්ෂා කර ගැනීමට අදාළ ආයතනවල ප්‍රධානීන්ට සහ ඒ ගිවිසුම් ප්‍රකාරව ඒ ආයතනවලට වගකීමක් තිබෙනවා. යම්කිසි කෙනෙක් වගකීම් පැහැර හැරලා තිබෙනවා නම් ඒ පිළිබඳ අපිනීතිය ක්‍රියාත්මක කරනවා. මේ වන විටත් ඒක රිකවර් කර ගන්න අවශ්‍ය පියවර අපි අරගෙන තිබෙනවා.