රාජ්‍ය බැංකුවක එතෙර ගනුදෙනු සේවාවේ නියෝජ්‍ය කළමනාකාරිනිය ක ගේ ගල්කිස්ස ශාන්ත රීටා පාරේ නිවසට ඇතුළු වූ පුද්ගලයකු රුපියල් ලක්ෂ පහළොවකට ආසන්න වටිනා රන් භාණ්ඩ තොගයක් සොරාගෙන ගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි
මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා ගතවූ කාලය තුළ සංචාරක වීසා උපයෝගි කරගනිමින් නීතිවිරෝධී ලෙස රැකියා සඳහා විදේශ ගතවීමට උත්සහ කළ පුද්ගලයින් 586 දෙනෙකු ලියාපදිංචි නොකර ආපසු හරවා යැවීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ නිළධාරීන් කටයුතු කර තිබේ.
Read Moreදින හතරක් නිරාහාරව සිටි රැඳවියකු මැගසින් බන්ධනාගාරයේ වතුර ටැංකියට වැටී මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (10දා) පාර්ලිමේන්තු විවාදය අතරතුර පාර්ලිමේන්තුවට පැමිණියේය.
Read Moreඉකුත් මාස දහයක කාලය තුළ ලාදුරු රෝගීන් එක්දහස් දහසය දෙනෙකු මෙරටින් වාර්තා වීම නිසා ලාදුරු රෝගය සම්බන්ධයෙන් සමාජගත වී වැරදි ආකල්ප වලින් මිදී , යම් රෝග ලක්ෂණයක් වෙතොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ලාදුරු වලින් තොර රටක් ගොඩනැගීමට සියලු දෙනා එක්වන ලෙස ලාදුරු මර්ධන ව්‍යාපාරයේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසීය .
Read Moreවිශේෂ කාර්ය බළකායේ 81 වන මූලික ආධුනික පුහුණු පාඨමාලාවේ විසිරයාමේ පෙළපාලිය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09දා) පස්වරුවේ කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා පුහුණු පාසලේදී පැවැත්විණි.
Read Moreමෙරට වැඩිහිටි පුද්ගලයන්ට ලබා දෙනු ලබන වැඩිහිටි දීමනාව ඔවුන්ට මාස 03ක් ලබා දී නොමැති බවත්, එම දීමනාව කඩිනමින් ලබා දීමට පියවර ගන්නා ලෙස සභානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් ස්වාධීන වූ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
Read Moreනව කෘෂි තාක්ෂණය යොදා ගනිමින් වගා කර ඇති එම ආදර්ශ වගා උද්‍යානයෙන් විදේශ වෙළෙ ද පොලට අපනයනය කරනු ලබන පළමු ඇඹුල් කෙසෙල් තොගය මෙම මස 26 දින ඩුබායි වෙළෙද පොළට අපනයනය කිරීම සඳහා මේ වනවිට සියලු කටයුතු සකස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ශ්‍රී ලංකා ආර්ථිකය විදේශ විනිමය හිඟයෙන් පෙළෙමින් සීටින අවස්ථාවක විදේශ විනිමය ඉපයීම ඉළක්ක කර ගනිමින් වගා කර ඇති රාජංගනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය යටතේ අක්කර 200ක ක්‍රියාත්මක කර තිබේ.
Read Moreඊජිප්තුවේ පැවති දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගීමට ගිය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස අද (10දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ආපසු ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.
Read Moreවිශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ විශාලත්වය මෙන්ම රාජ්‍ය වියදම්වල කාර්යක්ෂමතාව සහ රාජ්‍ය ව්‍යවසාය සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීමේ ක්‍රම පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වය අතර සාකච්ඡාවට ලක්ව තිබේ.
Read Moreලෝක වෙළඳපොළ තුළ බොරතෙල් බැරලයක මිල ඩොලර් 3කින් පමණ පහළ ගොස් තිබේ. එක්සත් ජනපද බොරතෙල් තොග බලාපොරොත්තු වූවාට වඩා ඉහළ යාම හා ලෝකයේ විශාලම බොරතෙල් ආනයනකරු වන චීනයේ කොවිඩ් බිය හේතුවෙන් මෙසේ බොරතෙල් මිල පහළ යාමට හේතු වී තිබේ.
Read Moreවසර හතරක් තුළ ජාතික විදුලි බල පද්ධතියට පුනර්ජනනීය බලශක්තිය හරහා මෙගා වොට් 2800ක් එකතු කිරිමේ සැලසුම සකස් කර අවසන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreරීඩා අමාත්‍යවරයා ලෙස මේ ගැන අවධානය යොමුකරන ඔස්ට්‍රේලියානු පාර්ශ්වයන්ගෙන්, ඔස්ට්‍රේලියානු රජයෙන් හා ඔස්ට්‍රේලියානු ජනතාවගෙන් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් මේ ගැන සමාව ඉල්ලනවා. ධනුෂ්කකගේ ක්‍රියාව තනි පුද්ගලයෙකුගේ වගකිම් විරහිත ක්‍රියාවක්. මේ ගැන මම අවධානය යොමුකර තිබෙනවා. රටක් ලෙස මෙහි වගකීම භාර ගන්නවා. මේ ගැන සුදුසු ක්‍රියාමාර්ග ගන්නවා”
Read Moreපාර්ලිමේන්තුවේ අභිනවයෙන් පිහිටුවීමට නියමිත ස්ථාවර කාරක සභා ත්‍රිත්වය ස්ථාපිත කිරීමට අදාළව තවදුරටත් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා මන්ත්‍රීවරු හතරදෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පත් කිරීමට ඊයේ (8) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read Moreඉතාලියේ රිමිනි නිකේතනයට ඔබ්බෙන් රික්ටර් පරිමාණ 5.5ක භූමිකම්පාව මධ්‍යම ඉතාලියේ සහ බෝල්කන් ප්‍රදේශයේ සමහර ප්‍රදේශවලට දැනී තිබේ.
Read Moreවත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉපදෙන්නටත් කලින් ඔහු පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව තමන් පොත්වලින් කියවා ඇති බවත් ඔහුගේ මව පාර්ලිමේන්තුවට එන විට දිනේෂ් ගුණවර්ධන කුසේ සිටි බවට ඔහුම පවා කියා ඇති බවත් රාජ්‍ය අමාත්‍ය සුරෙන් රාඝවන් මහතා පැවැසීය. අද (09දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසිය.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම සදහා අවශ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ ක්‍රියාවලිය සදහා කඩිනමින් සහය ලබා දෙන බව ඇමරිකානු තානාපතිනි ජූලි චංග් මහත්මිය නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය හමුවේ කියා සිටියාය.
Read Moreඋතුරු කොරියාව විසින් සැකකටයුතු බැලස්ටික් මිසයිලයක් දියත් කර ඇති බව ටිවිටර් පණිවඩුයක් නිකුත් කරමින් ජපාන රජයද තහවුරු කළේය.
Read Moreදිනපතා පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පාසැල් දරු දැරියන්ට කිරිවීදුරුවක් නොමිලේ ලබා දීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ.
Read Moreයුක්රේන ගැටුම් මධ්‍යයේ යුරෝපා කලාපයෙන් හා ඇමෙරිකා එක්සත් ජනපදයෙන් රුසියාවට දැඩි පිඩනයක් එල්ල වුවද, බෙලාරුසියානු ජනාධිපතිවරයා තවදුරටත් රුසියාව සමග රැඳී සිටියි.
Read Moreඅයවැය කාරක සභා අවස්ථාවේ විවාදය සදහා කාලය වැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂය කළ ඉල්ලීමකට අනුව කාරක සභා අවස්ථා විවාදය පැය එක හමාරකින් දීර්ඝ කිරීමට මෙහිදී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
Read Moreනේටෝ නායකයින් 2023 ජූලි 11 සහ 12 යන දිනවල ලිතුවේනියාවේ අගනුවර වන විල්නියස් හි ඔවුන්ගේ මීළඟ සමුළුව සඳහා රැස්වන බව සන්ධානය නිවේදනය කරයි.
Read Moreප්‍රභල නවසීලන්තය පරදා විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන්මහා තරගයට සුදුසුකම් ලැබීමට පාකිස්ථානය සමත්විය. සිඩ්නි හිදී පැවති තරගයේ ලකුණු 153 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පකිස්ථානය පන්දුවාර 19.1 ක් තුළ ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත්විය.
Read MoreTianzhou-4 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය චීන අභ්‍යවකාශ මධ්‍යස්ථාන මූලික මොඩියුලයෙන් සම්පූර්ණයෙන්ම වෙන්වී ඇති බව චීන මාධ්‍ය පවසයි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව මීගමුව, දූව ප්‍රදේශයේ ඊයේ (08දා) අළුයම සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2448 කට අධික තොගයක් සමඟ ලොරි රථ දෙකක් , ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreඑළැඹෙන අයවැයෙන් ඉන්ධන සඳහා බද්දක් අය කරන බවත් ඒ අනුව ලබන වසරේ ජනවාරි මාසයේ සිට ඉන්ධන මිල වැඩිවීමට නියමිත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදි පැවැසීය.
Read Moreදළදා පෙරහරේ කරඬුව දරා ගමන් කිරීමට සුදුසුකම් ලබා සිටින අලුත්ගම කන්ද විහාරයේ මුතු රාජා ඇතා තායිලන්තයට රැගෙන ගොස් වැඩිදුර ප්‍රතිකාර කිරීමට එරට රජය කටයුතු සූදානම් කර ඇති බව ඓතිහාසික අලුත්ගම කන්ද විහාරාධිපති පූජ්‍ය කොක්කාවිට විපුලසාර නාහිමියන් පැවසූහ.
Read Moreමන්කිපොක්ස් අසාදිත දෙවැනි රෝගියා ද මෙරටින් හඳුනාගත් බව වාර්තා වේ.
Read Moreවත්මන් ආණ්ඩුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් මුදල් වලට බිලී බා ගැනීම සඳහා කටයුතු කරන බවත්, කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ හෝ සමගි ජන සන්ධානයේ කිසිදු මන්ත්‍රීවරයෙකු මෙම අවස්ථාවේ ආණ්ඩුවට එකතු වීමට සූදානම් නොමැති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read More