විදෙස් සංචාරයක් සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙතට පැමිණි හිටපු අමාත්‍ය මහින්දානන්ද මහතාට විදෙස් ගමන් තහනමක් පවතින බවට සඳහන්වීමෙන් ඔහුව කටුනායකින් ආපසු හරවා යාමේ සිදුවීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකගේ රාජකාරී අත්හිටුවා ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය සිකුරාදා දිනයේදී හිටපු අමාත්‍යවරයා කටුනායකට ගොස් ඇති අතර එහිදී ඔහුට ගුවන් ගමන් තහනමක් ඇති බව සඳහන් කරමින් ඔහුට ගුවන් ගතවීමට අවසර දී නොමැත.මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ දෙපාර්තමේන්තු දත්ත පද්ධතියට මන්ත්රීත්රමාගේ ගමන් බලපත්‍ර දත්ත වලට අදාළව ඔහුගේ නොවන වෙනත් අයෙකුගේ තොරතුරක් ඇතුළත්ව ඇති අතර මේ හේතුවෙන් අදාළ ගුවන් ගමන් තහනම බලාත්මක වීමෙන් මෙම සිදුවිම සිදුව ඇති බවයි.
එම තොරතුරු පද්ධතියට ඇතුළත් කරන ලද නිලධාරිණියන්ගේ රාජකාරී මේ වන විටත් අත්හිටුවා ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය යන ආයතන මගින් මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.
ගුවන්තොටුපොළ පරිශ්‍ර යේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට මුහුණ දීමට සිදුවූ අපහසුතාව පිළිබඳ ආගමන හා විගමන දෙපර්තමේන්තුව කනගාටුව ප්‍රකාශ කරන බවද ආගමන විගමන පාලක ජනරාල් එච්.ජේ. ඉලුක්පිටිය මහතා පවසයි.