saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 4581 hours ago

LATEST

මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පාසල් ළමුන් 81කට ප්‍රතිකාර

calendar_today 2022 නොවැ 09 - 15:14 remove_red_eye - 335  

මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පාසල් වයසේ ළමුන් 81දෙනෙකු ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙන බවත්, ඒ අතර අවුරුදු 10 -14ත් අතර දරුවන් 03ක් සහ අවුරුදු 15 – 19 අතර දරුවන් 78ක් සිටින බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.

පාසල් සිසුන් කීප දෙනෙකුට අමානුෂික ලෙස පහර දී කෲරත්වයට පත් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළ බණ්ඩාරගම ගුංගමුව කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනියගේ රාජකාරි නිල වැඩ බන්ධනාගාර ගතව සිටින කාලය තුළ තහනමට ලක් කරන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ශ්‍රීලාල් නෝනිස් මහතා පැවසීය.

Read More

බිත්තර ගොවියන් රැක ගැනීමේ අරමුණින් තාවකාලිකව බිත්තරයක් උපරිම වශයෙන් රුපියල් 55කට විකිණීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිබෙන ආහාර කමිටුවේදී තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය අද (09දා) උදෑසන 09.00 ට පමණ අක්‍රිය වූ අතර , එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් බලවත් ප්‍රයත්නයක නිරත වීමෙන් අනතුරුව පස්වරු 01.00 ට පමණ එම පද්ධතිය යළිත් සක්‍රිය කර ගැනීමට හැකි වූ බව ගුවන් තොටුපළ එම දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය .

Read More

ඉදිකිරීම් සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර සඳහා වැඩි ශ්‍රී ලාංකිකයන් පිරිසක් බඳවා ගැනීමටත්, ගෘහ සේවක සේවිකාවන්ගේ අවම වැටුප ඉහළ නැංවීමටත් අවශ්‍ය පියවර ගැනිමට සෞදි අරාබිය එකගතාවය පළ කර තිබේ.

Read More

මේ මම ගාව තියෙන්නේ ඔය කියන වාර්තාව. මේ තමයි අයි.එම්.එෆ්. කාර්ය මණ්ඩලය සමග එකග වුණ කාරණා ටික. ඒක අපි ගාව තියෙනවා. කොහොමද මේක ආවේ. මේක ආවේ පාර්ලිමේන්තුවෙන් නෙමෙයි. මේක ආවේ ජනාධිපතිවරයාගේ සමහර කමිටු වල නොයෙකුත් පුද්ගලයන්ට මේක දීලා තියෙනවා.

Read More

සුප්‍රකට සීනි බදු වංචාව හේතුවෙන් රජයට අහිමි වූ බදු ආදායම රුපියල් කෝටි 1676ක් ලෙස ගණන් බලා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවට පැවැසිය.

Read More

ගම්පහ නගරයේ සිට මාර්ග හතක් ඔස්සේ ධාවනය වන පෞද්ගලික බස් රථ, අද (9දා) පෙරවරුවේ සිට ධාවනය කිරීම නවතා දමමින් වර්ජනයක් ආරම්භ කර තිබේ.

Read More

විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු අවසන් පූරව තරගය වන නවසීලන්තය හා පාකිස්ථානය අතර තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තරණය කලේය

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති එච්. ඊ. ඛලීඩ් නසර් අල් - අමේරි මහතා සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් ඊයේ (08දා) පාර්ලිමේන්තුවේදී සිදු විය.

Read More

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ’විස්සයි20 ලෝක කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අතිශය තීරණාත්මක අදියරට මේ වනවිට ළඟා වී තිබේ. ඒ අනුව මෙවර ලෝක කුසලාන සටනේ අවසන් මහා තරගයට පළමුවෙන්ම දොරටුව විවර කර ගන්නා කණ්ඩායම තීරණය කෙරෙන පළමු අවසන් පූර්ව තරගය නවසීලන්තය හා පාකිස්තානය අතර සිඩ්නිහිදී අද (09දා) දින ප.ව. 1.30ට පැවැත්වේ

Read More

පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානයේ සහ උඩවලව - ඇත්අතුරු සෙවණ දී අලින් පහරදීමෙන් මරණයට පත්වූ වනජිවි නිලධාරින් දෙදෙනාට වන්දි මුදලක් ලබාදීමට පියවර ගන්නා ලෙස වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් ලබාදී තිබේ.

Read More

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිපුණතාවය සහිත ඉදිකිරීම් ශිල්පීන් ලියාපදිංචි කිරීම සහ ඔවුන් සදහා ශිල්පි හැදුනුම්පත් නිකුත් කිරීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි හෙට (10දා) සිට ඇරඹෙයි.

Read More

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපොලේ පරිගණක පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් එහි සේවාවන් ස්වයංක්‍රීය ක්‍රමයෙන් බැහැරව සාමාන්‍ය පරිදි සිදුකරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

වසරකට පොල් ගෙඩි මිලියන 107ක් පමණ රිලව්, වඳුරන් හා දඬුලේනුන් විසින් විනාශ කරන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි.

Read More

ලෝකයේ අංක ඒකේ විස්සයි20 පන්දු යවන්නා බවට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පත්ව තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්වල ඔහු මෙසේ අංක එකට පත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව යාපනය ඩෙල්ෆ්ට් දූපතට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ අද (09දා) අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 458 කට අධික තොගයක් රැගත් ඩිංගී යාත්‍රාවක් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙ‍පාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

දෙමටගොඩ මිහිඳුසෙන්පුර නිවාස සංකීර්ණය අසල සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ගේ සමීපතම ගෝලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට එක්වීම සඳහා ඊජිප්තුවට ගොස් සිටින ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියෝවා මහත්මිය අතර හමුවක් පවත්වා ඇති බව ජනපති මාධ්‍ය අංශය පවසයි. මෙහිදී ණය කළමනාකරණය සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවත් ජනපති මාධ්‍ය අංශය පවසයි.

Read More

96 ලෝක කුසලානය ගහන වෙලාවේ අපේ ගියේ 14 දෙනයි. 11 දෙනෙක් ගහනකොට 3 දෙනෙක් එළියේ හිටයා. කවුරුවත් ආබාධ වුණේ නෑ. 2014 විස්සයි20 ලෝක කුසලානයේදී කවුරුවත් ආබාධවලට ලක්වුණේ නෑ. මේ වා ගැන හොයන්න තේරීම් කාරක සභාවක් දාන්න. විශේෂයෙන්ම ක්‍රිකට් පාලක මණ්ඩලය විගනණය කරන්න. ලෝක කුසලාන තරගාවලිය ගැන සොයා බලන්න

Read More

වන සතුන්ගේ අස්වැන්නට සියයට 40ක හානියක් - අපේ රටේ ගොවි ජනතාව විසින් වගා කරන භෝගවලට වැඩිපුරම හානිකරනු ලබන්නේ වන සතුන් හය දෙනෙක් විසින් බව සමීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. විශේෂයෙන් අලියා, මොනරා, රිළවා, වඳුරා, වල්ඌරා හා දඩුලේනා ඒ අතරින් ප්‍රධාන වේ.

Read More

රට ගොඩනැඟීම සඳහා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම ජාත්‍යන්තර නිර්නායක ඉක්මවා යන්නක් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

Read More

සංවර්ධිත රටවල අසීමිත කාර්මීකරණය දේශගුණික විපර්යාසවලට මුලික හේතුව වන අතර එහි ප්‍රතිවිපාක සංවර්ධනය වෙමින් පවතින රටවලට විඳීමට සිදුව ඇති බව COP 27 දේශගුණික විපර්යාස සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

‘මේක නෙවෙයි ජීවිතේ, ජීවිතය දිනන අරගලයට සෙට් වෙමු’ යන මැයෙන් සමාජවාදී තරුණ සංගමය දිස්ත්‍රික්ක පුරා සංවිධානය කරන උද්ඝෝෂණ වටයේ පළමු උද්ඝෝෂණය මොරටුව,කටුබැද්ද මංසන්ධියේදී ඊයේ (8දා) දින සිදු කෙරුනි.

Read More

“දැන් යනවා ධනුෂ්ක ගුණතිලකගේ සිදුවිමක්. ඒ සිදුවීම මේ රටේ සිදුවුණ පළමු වැනි සිදුවිම නෙමෙයි. මිට කලින් ඔස්ට්‍රේලියාවේ ගිහින් එහෙම වැඩ කරපු ඇමතිවරුත් හිටියා. මෙය පළමු සිදුවීමත් අවසන් සිදුවීමත් නොවෙයි. මෙ සිදුවීමේන් අප ගත යුත්තේ කුමක්ද? මේ රටේ විනයක් නැතිකමේ එක් ප්‍රතිඵලයක් තමයි ඒ. රට නියෝජනය කරන ක්‍රීඩකයන්ගෙන එක්කෙනෙක් එහෙම හැසිරෙන කොට රටේ තියෙන විනය තමයි එතනදී විදහා පාන්නේ.

Read More

“පළාත් පාලන මැතිවරණය කල් දාන්න හදන උපක්‍රමවලට මගේ හිතවතෙක් වන අපේ මහින්ද දේශප්‍රිය මහතාගේ නම දැන් පාවිච්චි කරනවා. මහින්ද දේශප්‍රිය මැතිතුමාට මම කියන්නේ මේකට අහු වෙන්න එපා. ඔබතුමාව පාවිච්චි කරලා එළියට විසිකරන්න යන්නේ. ඔබතුමාව ඉදිරියට දාලා ඡන්ද කල් දාන වැඩසටහනක් ගේන්න යන්නේ. අපි මේක පරද්දනවා, අපි මේක පරද්දනවා. මහින්ද දේශප්‍රිය මැතිතුමාට මගේ මිත්‍රයාට ඉතාම ගෞරවයෙන් ඉල්ලන්නෙ මේකට අත තියන්න එපා. ඔබතුමාව ඉවරවෙන වැඩක් තමයි මේ ආරම්භ වෙන්නේ”

Read More

දේශගුණ සුහුරු වාරි කෘෂීකාර්මික ව්‍යාපෘතිය (CSIAP) යටතේ ඉදිකල මඩකලපුව මියන්ගල් වැව, පෙරියවට්ටුවාන් අමුණ ඇතුළු තවත් වැව් අමුණු කිහිපයක් නිරික්ෂණය කිරිම සදහා අද (08) පෙරවරැවේ එහි යෑමට පිටත් වූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට එම මාර්ගයේ ඇති දැඩි අබලන් තත්වය නිසා ගමන අතරමග නතර කර නිළධාරීන් සමග මහ පාරේ සාකච්ඡා කර ආපසු ඒමට සිදු විය.

Read More

‘කතානායකතුමනි, දිස්ත්‍රික් ලේකම්වරයාට වහාම කරුණු පැහැදිලි කරන්න කියලා වහාම යවලා තියෙන්නේ. ඒ අනුව අවශ්‍ය පියවර අප ගන්නවා ඇති. දරුවෙක්ට නොවේ කාටවත්, තමන්ගේ ජීවත් වීමේ අයිතිය කිසිම රාජ්‍ය සේවකයෙක්ට යටපත් කරන්න හෝ අපහාසයට ලක් කරන්න බැහැ. ඒ ප්‍රතිපත්තිය උඩ අපි කටයුතු කරනවා.’

Read More

2022-2023 වර්ෂය සදහා ශ්‍රී පාද වන්දනා වාරය එළඹෙන උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කරන බව ශ්‍රී පදස්ථානාධිපති පැල්මඩුල්ල රාජමහා විහාරය, රත්නපුර පොත්ගුල් විහාරය උභය විහාරාධිපති, රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝ නායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, ත්‍රිපිටකාචාර්යය අතිපුජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් පැවසූහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.