බදුල්ල ස්ප්‍රිංවැලි වත්තේ නහවිල කොටස් පදිංචිව සිටි 16 හැවිරිදි පාසැල් ශිෂ්‍ය යෙක් දින 26 ක් තිස්සෙ අතුරුදන්ව ඇතැයි දෙමාපියන් පවසති.
ඔහුගේ පියා විසින් මේ පිළිබදව බදුල්ල පොලිසියට පැමිණිලි කර තිබේ.
රගුමාන් විවේකානන්දන් නැමති මෙම ළමයා සිංහල මාධ්‍යෙයන් ස්ප්‍රිංවැලි බැද්දගම මහා විද්‍යාලයේ 11 වසෙර් ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි .
ඔහු පසුගිය මස 15 වැනිදා බැද්දේගම විහාරස්ථානයක පැවති උපකාරක පන්තියට යන බව පවසා නිවසින් පිටවි ගිය නමුත් නැවත නිවසට නොපැමිණ බව පියා සහ සහෝදරයා පවසයි .
අයියා හාලිඇල මධ්‍ය මහා විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර මල්ලි බැද්දේගම විදුහලේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි
සෙල්වෙල් විවේකානන්දන් සහ බිරිද වත්තේ කම්කරු වෘත්තයේ නියැලී සිටිති. වත්තේ වැඩ මසකට දින 18 කට සීමාවීම නිසා අතට දෙදෙනාටම ලැබෙන්නේ රුපියල් විසිදහසක් බවත් දරුවන්ට ඉගැන්වීම ප්‍රධාන අරමුණ නිසා තමා කිරි ගවයන් දෙදෙනෙක් ඇති කරන අතර ගෙවත්තේ එළවළු වගා කරන බවත් ඔහු පවසයි .
මත්පැන් දුම්වැටි පානයේ තොර මේ මිනිසා පවසන්නේ තමන්ගේ උත්සාහය මත දරුවන් ඉගෙන ගැනීම නිසා ඊෂ්යකළ පිරිසක් විසින් දරුවා පැහැරගෙන යන්නට ඇතැයි සැක කරන බවයි .
කොළඹ කුලී රැකියාව කරන මත් පැන් හා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ තරුණයක් කීපදෙනෙක් පසුගිය දිනවල වත්තට පැමිණ සිටි බවත් තම පුතා පැහැරගෙන ගොස් අපරාධයක් සිදුකරන්නට ඇතැයි සැකකරන බවත් ඔහු අවධාරණය කරයි
මේ සිද්ධියෙන් පසු දුක වාවාගත නොහැකිව රෝගාතුරවූ බිරිද රෝහල් ගත කර ඇතැයිද විවේකානන්දන් පවසයි.
බදුල්ලේ පාලිත ආරියවංශ



