නරක්වූ බිත්තර ලක්ෂයක් රක්ෂිතයකට ගෙනත් දාලා
නරක් වු බවට සැක කරන බිත්තර ගෙඩි ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මහකුඹුක්කඩවල වල්පාළුවට ගෙනවිත් දමා තිබියදි හමුවු බව පාරිභෝගික අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය පවසයි.
පාරිභෝගික අධිකාරියෙ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයෙ නිළධාරින් පවසන්නේ ප්රදේශවාසියකු විසින් තම කාර්යාලයට කළ දැනුම් දීම මත එය සොයා ගත් බවයි.
මෙම වල්පාළුව රක්ෂිතය තුළින් ආ අධික දුඟදක් සමග මේ පිළිබදව සොයා බැලිමට ගිය පුද්ගලයින් පිරිසක් මෙම දැවැන්ත බිත්තර තොගය දැක ඇති බව කියයි.
නමුත් එය පළමුව දුටු පුද්ගලයින් එය සැලකිල්ලට නොගැන ඇති බවත් පසුව 11 දින වෙනත් පුද්ගලයකුට මෙම සිද්ධිය පැවසීමත් සමග අදාල තැනැත්තා මෙම සිද්ධිය මහකුඹුක්කඩවල පොලීසියට හා පාරිභෝගික අධිකාරියට දැනුම් දී ඇති බව කියයි.
පාරිභෝගික අධිකාරියෙ නිළධාරින් හා පොලිස් නිළධාරි පැමිණේන විට අදාල බිත්තර තොගය කුඩුවි දැවැන්ත කටු තොගයක් රක්ෂිතයේ පාළු ස්ථානයක විසිරි තිබු බව කියයි.
පාරිභෝගික අධිකාරියෙ පුත්තලම දිස්ත්‍රික් නිළධාරින් පවසන්නේ මහා පරිමාන කුකුළු ව්‍යාපාරිකයකු විසින් නරක් වු හෝ වෙනත් කරුණක් හේතුවෙන් මෙම ලක්ෂයකට ආසන්න තොගය මෙසේ රක්ෂීතයට ලොරි රථයකින් රැගෙන විත් විනාශ විමට දමා ඇති බවට සැක කරන බවයි.
ඒ අනුව අදාල සිද්දිය සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියේ නිළධාරින් මේ සම්බන්ධව මහකුඹුක්ඩවල පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කර තිබුනී.
එම ස්ථානයට පැමිනි පාරිභෝගික අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් නිළධාරින් පවසා සිටියේ රට තුළ බිත්තර හිගයක් පවතිද්දී ජනතාවට බිත්තර අලේවි නොකර මෙසේ බිත්තර විනාශ කරන්නට කටයුතු කල ව්‍යාපාරිකයා හදුනා ගැනිමට පරික්ෂණ සිදු කිරීමට කටයුතු කරන බවයි.
මෙම ස්ථායට පැමිනි ආණමඩුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රි රුචිර බංඩාර මහතා පවසා සිටියේ අහිංසක මිනිසුන්ට තම දරුවන්ට බිත්තයක් ලබා ගැනිමට වෙළද පොල තුළ පවා නොමැති තත්වයක් තුළදී එය බිත්තර හිගයක් බවට පත් කර එයින් වාසි ලබා ගැනිමට බිත්තර ව්‍යාපාරිකයකු මෙසේ කල අපරාධය කිසිදු ලෙසකින් අනුමත නොකරන බවයි.




popular news
-
Kumar Sunday, 12 March 2023 04:51 PM
biththara dirapathwela rakshithaya poshanaya wenawa. biththara parnawenne kali adumilakata dunnanam metharam karadrayak wenney nahaney.
Reply : 0 0
janahitha Thursday, 06 April 2023 09:20 AM
biththra protin dama rakshitha vananthara poshanaya karana lokaye diyunuma rata
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

