ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය අප්‍රේල් මාසයේදී ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය. ගම්පහ පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
“විදුලිය නිකන් දීපු නිසා තමයි ජනතාව මත මෙච්චර බරක් පැටවිලා තියෙන්නේ.රුපියල ශක්තිමත්වීමේ වාසිය අප්‍රේල් මාසයේදී ජනතාවට ලබාදෙන්න අපි කටයුතු කරනවා.
ඒ වගේම කවුරු විරුද්ධ වුණත් ප්‍රතිව්‍යුහගත කිරීමත් අනිවාර්යයෙන්ම කළ යුතුමයි. ඒකෙන් තමයි ජනන සැලැස්ම ක්‍රියාත්මක කරල අඩු මුදලට ජනතාවට විදුලිය දෙන්න පුළුවන් වෙන්නෙ.විදුලිබල මණ්ඩලයේ හා ඛණිජතෙල් සංස්ථාවේ සේවකයන් සියයට 90ක් මේකට එකඟයි.විරුද්ධ නිකං පඩි ගත්ත අයයි.
විදුලිබල මණ්ඩලයේ ඉන්න රංජන් ජයලාල් අවුරුදු 21ක් නිකං වැඩකරල පඩි ගත්ත කෙනෙක්.ට්‍රාන්සර් බෝඩ් එකේ ඉන්නෙත් එයා.ඒක නිසා සාමාජිකයන් එතනට එකතු වෙනවා. විදුලිබල හා ඉන්ධන මිල අඩුකරල මේ ආයතන පවත්වාගෙන යන්න නම් ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්යයි.
සමඟි ජන බලවේගය ඉකොනොමික් බ්ලු ප්‍රින්ට් කියල සැලැස්මක් ඉදිරිපත් කළා.විදුලිබල මණ්ඩලය කෑලි තුනකට වෙන්කරල විදුලි ජනනය හා බෙදාහැරීම පුද්ගලික අංශය සමඟ එකතුවෙලා කරන්න කියල එහි සඳහන් වෙනවා.ඒ අය අපිට වඩා එකක් එහාට ගිහිල්ලා.ඒ නිසා පාර්ලිමේන්තුවේ විරුද්ධ වෙන එකක් නෑ කියල අපි හිතනවා.”