පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කන්දේ නිධන් හාරමින් සිටි බව කියන චීවරධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඓතිහාසික ගන්නොරුව සටන සිදුවූ ස්ථානයට ඉහළින් පිහිටා ඇති මෙම කන්දදිවිදොස් ගල වශයෙන්ද ප්රදේශවාසීහු හඳුන්වති.
අත්අඩංගුවට පත් චීවරධාරීන් දෙදෙනා ගන්නොරුව ගල්ලෙන් විහාරයේ හිමිවරුන් දෙදෙනකු බව පවසන පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගත් ස්ථානයේ තිබී නිධාන් හෑරීම සඳහා උපයෝගි කර ගත් උපකරණ කිහිපයක් දඅත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් හිමිවරුන් වයස අවුරුදු 30-58 වයසේ පසුවන්නන් බව ද පොලීසිය කියයි.
සැකකරුවන්අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.