පොල්ගස්ඕවිට හල්පිට බැංකු නිලධාරිනියකගේ නිවසේ මෙහෙකාර සේවයට ගොස් රුපියල් ලක්ෂ 12ක රන් භාණ්ඩ සොරා ගත් කාන්තාව සහ ඒවා උකස් කළ බව කියන සැකකාරියගේ දියණියන් දෙදෙනා සහ පුතා අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.
එම නිවසින් සොරාගත් බව කියන මුදු දෙකක් කරාබු ජෝඩුවක් පෙන්ඩනයක් සහ උනු කරන ලද වළලු පහක රත්තරන් පොලිසියෙන් සොයාගෙන ඇත
තවද සොර බඩු විකුණා ලබාගත් මුදල් වලින් මිලදී ගත් බව කියන අල්මාරියක් සහ රයිස් කුකරයක් පොලිස් භාරයට ගෙන ඇත
බැංකු නිළධාරිනියගේ මිතුරියක මාර්ගයෙන් බටකැත්තර එල් එස් වත්ත ප්රදේශයේ ප්රදේශයේ පදිංචි සැකකාරිය බැංකු නිළධාරිනියගේ දෙමහල් නිවසේ මෙහෙකාර සේවයට ගොස් දින තුනක් වැනි කෙටි කාලයකදී මෙම රන් භාණ්ඩ සොරා ගෙන තිබූ බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත
සැකකාර මෙහෙකාරිය පැමිණ මාසයකට පමණ පසු තමන් ඉහළ මාලයේ සිට පහත මාලයට පැමිණෙමින් සිටියදී කිසියම් පුද්ගලයකු පහත මහලේ බැංකු නිළධාරිනියගේ සහෝදරිය නවාතැන් ගෙන සිටින කාමරයේ සිට පිටතට දිව ගිය බවට පවසා නොමඟ යවා තිබූ බව පොලිසිය කියයි
දින කීපයක් පමණ ගත වෙද්දී බැංකු නිළධාරිනියගේ සහෝදරිය ඇයගේ රන් භාණ්ඩ සම්බන්ධයෙන් සොයා බැලීමේදී ඒවා නොමැති බව දැක තම සහෝදරියට දැනුම් දීමෙන් අනතුරුව සිදු කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා මෙහෙකාරිය අත්අඩංගුවට ගෙන කරන ලද දීර්ඝ ප්රශ්න කිරීමේ දී සොරකමේ සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය
සැකකාරිය විසින් සොරාගත් රන් භාණ්ඩ ඇයගේ දියණියන් දෙදෙනා සහ පුතා ලවා මහරගම පිළියන්දල ආදී ප්රදේශවලට ගොස් කර තිබූ බව පොලිසිය කියයි
සැකකාරියගේ පුතා විසින් රන් වළලු 5 පිළියන්දල ප්රදේශයේ ට උකස්කර රුපියල් පන්ලක්ෂ 15,000ක මුදලක් ලබාගෙන තිබූ අතර අනතුරුව සැකකාරියට හොරෙන් ඒවා බේරා ගෙන වැඩි මිලක් ලබාදෙන පුද්ගලයකුට රුපියල් හත්ලක්ෂ 60,000කට අලෙවි කර ඇති බවද බවද විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබිණි
අත්අඩංගුවට ගත් සැකකාරිය සහ ඇයගේ දියණියන් දෙදෙනා සහ පුතා කැස්බෑව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය