ලංකා විදුලිබල මණ්ඩලයේ පැවති මූල්‍ය අර්බුදය හේතුවෙන් ප්‍ර මාද වී ඇති නව සබදතා 36000 ක් පමණ සති 6ක කාලයක් තුළ කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය ගරු කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ පැවති අමාත්යාං ශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.
පැවති මූල්යක ගැටලු නිසා නව සබඳතා ලබා දීම සදහා උපකරණ හිඟයක් පැවති බවත් පසුගියදා විදුලි ගාස්තු වැඩි කිරීමට පියවර ගැනීමත් සමග මණ්ඩලයේ මූල්‍ය අංශය ශක්තිමත් වීම තුළ නව සබදතා ලබාදීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
නව සබදතා ලබා ගැනීම සදහා විශාල පිරිසක් ලියාපදිංචි වී සිටියද සබඳතා ලබාදීමේ විශාල ප්රදමාදයක් පවතින බවට මන්ත්‍රී වරුන් කාරක සභාවේදී කරුණු මතුකළ අවස්ථාවේ අමාත්යතවරයා මේබව පවසා සිටියේය.
එසේම ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු අමාත්යාංුශය යටතේ ඇති ආයතනවල වියදම හැකිතාක් අවම කිරීමේ වැඩපිළිවෙලක් මේවන විට ක්රිථයාත්මක බවත් අමාත්‍යයවරයා පැවසීය.
QR කේතය මගින් ඉන්ධන කෝටාව යාවත්කාලීන කිරීම අඟහරුවාදා දිනට වෙනස් කිරීම සිදුකරනු ලැබූවේ ද සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඛනිජතෙල් සේවකයන්ට ගෙවීමට සිදුවන රු. මිලියන 20කට ආසන්න අතිකාල වියදම් ඉතිරිකර ගැනීමට බවත් අමාත්යවවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එසේම මෙම ආයතනවලට අලුතින් සේවක බදවා ගැනීමක් සිදුනොකරන බවත් දැනට සේවයේ නියුතු කාර්ය මණ්ඩලය කළමනාකරණකින් යුතුව යෙදවීම හරහා වියදම් හැකිතාක් අවම කරගැනීමට කටයුතුකර ඇති බවත් අමාත්යරවරයා පැවසීය.
එසේම ස්මාට් මනුකියවීම (Smart metering) කඩිනමින් හඳුන්වා දීමට අපේක්ෂා කරන බව පැවසූ අමාත්යසවරයා මෙහි නියමු ව්යාtපෘතිය දෙහිවල ගල්කිස්ස නගර සභා බල ප්රවදේශයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවද පැවසීය. එය ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ක්රිදයාත්මක බවත් පාරිභෝගිකයන් 31000කට ස්මාට් බිල්පත් ලබාදීමට නියමිත බවත් අමාත්‍ය වරයා පැවසීය. ඒ අනුව ඉදිරියේදී මනුකියවීමෙන් තොරව ඉලෙක්ට්රොමනික බිල්පත් හා එස්.එම්.එස් මගින් පාරිභෝගිකයාට බිල්පත ලැබීමට නියමිතය.
එසේම මෙම කාරක සභාවේදී 2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනත යටතේ විදුලි බල සහ බලශක්ති අමාත්යසවරයා විසින් සාදන ලද අංක 2313/47 සහ අංක 2313/47 දරන ගැසට් පත්රකවල පළ කළ නියෝග සදහා ද අනුමතිය හිමිවිය.