අම්බලන්තොට රිදියගම 09 කණුව ප්රදේශයේදී යතුරු පැදියක් පාරෙන් ඉවතට පැන සිදුවූ රිය අනතුරකින් යතුරු පැදියේ ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු මියගොස් එක් අයෙකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.
මෙසේ රිය අනතුරින් මියගොස් ඇත්තේ යතුරු පැදියේ පිටුපස ගමන්ගත් තරුණයින් දෙදෙනා බවයි අම්බලන්තොට පොලිසිය කියා සිටියේ. මියගිය තරුණයින් දෙදෙනා යතුරු පැදියේ ගමන්ගන්නා විට හිස් වසුම්ද පලද නොතිබූ බවද පොලිසිය කියා සිටි.
මෙසේ මියගොස් ඇත්තේ වත්තල පදිංචි තුෂිත ශ්රී නාත් ප්රනාන්දු නැමති වයස අවුරුදු 25ක තරුණයෙක් හා අම්බලන්තොට රුහුණු රිදියගම පදිංචි මොහොට්ටිගේ සෙහාන් කාවින්ද නමැති වයස අවුරුදු 20ක තරුණයෙකු වේ.
අනතුරට හේතුව අධික වේගය බවයි පොලිසිය සඳහන් කරන්නේ, වැඩිදුර විමර්ශන කටයුතු අම්බලන්තොට පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.