වැල්ලවාය සහ මට්ටක්කුලිය මහේස්ත්රාත් අධිකරණ වල විභාග වන නඩුවලට සහභාගී නොවී උසාවිය මඟහරිමින් සිටි අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු සහ ඔහුගේ උදව්කරු වැල්ලවාය පොලීසිය මඟින් ඉකුත් (10) වෙනිදා අත්අඩංගුවටගෙන ඇත.
සැකකරු බඩල්කුඹුර කිරමනාගොඩ ගලයාය ප්රදේශයේ පදිංචි ඔබාමා නැමති අයෙකු වන අතර මට්ටක්කුලිය ප්රදේශයේදී හෙරොයින් මිලිග්රෑම් පන්සියයක් ලඟ තබා ගැනීම,බුත්තලදී රන්මාලයක් සහ පෙන්ඩනයක් කොල්ලකෑම,පිත්තල පහන් ඇතුළු පිත්තල භාණ්ඩ රැසක් සොරකම්කිරීම, යුදඟනාව සහ බුත්තල ප්රදේශවලදී නිවාස බිඳීම සහ රූපවාහිනී යන්ත්රදෙකක් සොරකම්කිරීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධවූ අයෙකි.
ඔහු විසින් මංකොල්ල කන ලද රන්පෙන්ඩනයක් උකස්කිරීම සඳහා උදව්උපකාර කළ බුත්තල කුඩාඔය පරණපාලම අසල පදිංචි ඔහුගේ උදව්කරුවෙකුද අත්අඩංගුවටගෙන ඇත. සැකකරුවන් සහ නඩුභාණ්ඩ වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබිණි.
වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ටී.එම් කරුණාතිලක මහතා සැකකරුවන් අත්අඩංගුවටගෙන තිබේ.
මොණරාගල සුමනසිරි ගුණතිලක