නවය වසරේ සිසුවෙකුට කන පැලෙන්න පහරදුන්නේ යයි කියන අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ කීඩාභාර ආචාර්යවරයෙකු ඊයේ (22) රෑ වතුගෙදර දෙල්ගහහන්දිය ප්රදේශයේ ඔහුගේ නිවසේදී සැකපිට ප්රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
සැකකාර ගුරුවරයාගෙන් පහර කැමට ලක්වූ සිසුවා මේ වනවිට කරාපිටිය රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබන බවත් එයට පෙර එම සිසුවා බලපිටිය මූලික රෝහලේ දින කිහිපයක්ම නේවාසිකව පතිකාර ලැබූ බවත් පොලීසිය කියයි.
සිසුවාට සැකකාර ගුරුවරයා පහරදුන්නේ යයි කියන සිද්ධියත් සමගම එම සිසුවාගේ පියා අම්බලන්ගොඩ දේවානන්ද විදුහලට බලහත්කාරයෙන් ඇතුලුවී විදුහල්පතිට පහර දුන්නේ යයි කියමින් අම්බලන්ගොඩ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාර පියා මේ 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලපිටිය මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
සිසුවාට පහරදුන් බව කියන ක්රීඩාභාර ගුරුවරයා සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්තාත්වරයා වැඩි දුරටත් පොලීසියට නියෝග කලේය.
එම නියෝගය ලැබෙන අවස්ථාවේදී සැකකාර ගුරුවරයා තමාට මැර ප්රහාරයක් එල්ලවූයේ යයි කියමින් බලපිටිය මූලික රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටියේය.
මෙසේ ප්රතිකාර ලබමින් සිටි සැකකාර කීඩා ගුරුවරයා ප්රතිකාර ලබා බලපිටිය රෝහලෙන් පිටත්ව සිය නිවසට ගිය අවස්ථාවේදි ඊයේ රාත්රී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකාර කීඩා ගුරුවරයා අද(23) පස්වරුවේදී බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.