අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොද්දල පොලිසියේ නිලධාරීන් විසින් අද (22දා) වෙඩි තබා ඇත.
පෝද්දල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් කරාපිටිය ග්‍රාම නිලධාරී වසමේ කරාපිටිය - බෝගවේල්ල මාර්ගයේ මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටියදී බජාජ් වර්ගයේ කහ පැහැති ත්‍රීරෝද රථය නවත්වා පරික්ෂා කර ඇත.
එම අවස්ථාවේ ත්‍රිරෝද රථයේ පැමිණි පුද්ගලයන් දෙදෙනා අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා කිසිඳු ලියකියවිල්ලක් ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම හේතුවෙන් නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා ක්‍රියා කර තිබේ.
එම අවස්ථාවේදී ත්‍රී රෝද රථයේ පිටුපස සිටි පුද්ගලයා නිලධාරීන් සමග පොරබැදීම සිදුකර අත් විලංගුව ද විසි කර දමා පලා ගොස් ඇති අතර ත්‍රීරෝද රථයේ රියැදුරු වශයෙන් සිටි පුද්ගලයා ත්‍රිරෝද රථය පනගන්වා ඉදිරියට ධාවනයට කර ඇත.
එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියා විසින් නොනවත්වා ධාවනය කරන ලද ත්‍රිරෝද රථයේ පසුපස ප්‍රදේශයට පිස්තෝල අවියෙන් එක් උන්ඩයක් වෙඩි තබා ඇත.
එම ත්‍රිරෝද රථය නොනවත්වා කරාපිටිය ගොඩකන්ද ප්‍රදේශය හරහා ධාවනය කර උළුවිටිකේ රිචඩ් පතිරණ විද්‍යාලය අසලින් බද්දේගම මාර්ගයට ප්‍රවේශ වන අවස්ථාවේ ප්‍රතිවිරුද්ධ දෙස සිට පැමිණි ත්‍රීරෝද රථයක ද ගැටී අනතුරට ලක් කර තවදුරටත් බද්දේගම දෙසට ධාවනය තිබේ.අනතුරුව මාර්ගයේ අයිනේ ත්‍රිරෝද රථය දමා සැකකරුවන් පලාගොස් තිබේ.
අනතුරින් එම ත්‍රිරෝද රථයේ ඉදිරිපස වම් පැත්තට වන්නට අලාභහානි සිදුවි ඇත.අනතුරට ලක්වූ අනෙක් ත්‍රිරෝද රථයේ පිටුපස ගමන්ගත් උළුවිටිකේ ප්‍රදේශයේ පදිංචි අයෙකුගේ දකුණු කකුල කැඩී කරාපිටිය රෝහලේ 58 වාට්ටුවට ඇතුළත් කර ඇත.මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැත.
රවීන්ද්‍ර ශ්‍රී ලාල්