පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යැයි පවසමින් පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැලිපැන්න බොන්දුපිටිය නිවසට ගිනි අවි රැගෙන කඩාවැදී දේපළ කොල්ලකෑ කණ්ඩායමේ තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.
එම සැකකරුවන් සමඟ කොල්ල කන ලද ජංගම දුරකථනයක් සහ කොල්ලය සඳහා යොදා ගත් ජංගම දුරකථනයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
2022 දෙසැම්බර් තුන් වෙනි දින හය දෙනෙකුගෙන් පමණ පිරිසක් පොලිස් නිලධාරියාගේ නිවසට කඩා වැදී අල්මාරි විවෘත කර අවුස්සා සහ අනතුරුව ගබඩා කාමරයේ පිටුපස කොටස යකඩ ඉන්න කින් හාරා පලාගොස් තිබිණි.
පුද්ගලයන් පොලිස් පරීක්ෂකවරයාගේ නිවසින් කිසියම් දෙයක් සොයා ඇතැයි පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර මොරටුව පදිංචි වයස අවුරුදු 23 හා 39 අතර පසුවන්නන්ය.
සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.