රන්ජන්ට උසාවියෙන් දැඩි අවවාද
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සහ ප්රවීණ රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාට එරෙහිව මහනුවර අතිරේක මහේස්ත්රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක් සඳහා පෙනී නොසිටීම හේතුවෙන් පෙරේදා (21) මහනුවර අතිරේක මහේස්ත්රාත් මොහොමඩ් රාෆි මහතා විසින් නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳවා තිබේ .
ඒ මහතා ඊයේ (22) නීතිඥයෙකු මාර්ගයෙන් මහනුවර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු එම වරෙන්තු නියෝගය එසේ ආපසු කැඳවනු ලැබීය .
කටුගස්තොට ප්රදේශයේ පාසලක ගුරුවරියකට විවාහා පොරොන්දු දී රුපියල් ලක්ෂ 10 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2010 වසරේදී මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් ගොනුකර තිබූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට වරෙන්තු නිකුත් කෙරුණි .
ඊයේ (22) ඒ මහතා අතිරේක මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු විනිසුරුවරයා දැඩි ලෙස අවවාද කොට මීළඟ නඩු දිනය වන සැප්තැම්බර් මස 06 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළේය .s
popular news
-
Beed Anton Fernando Sunday, 25 June 2023 06:42 AM
Thanks very good news
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

