ඌරගස්මන්හංදිය කලුවලගොඩ ප්‍රදේශයේ අද (23) පස්වරුවේදී පොලීසිය තැබූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව ඌරගස්මන්හංදිය පොලීසිය කියයි.
පොලීසියට අවශ්‍ය සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඌරහස්මංහන්දිය පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට මන්නා පිහියකින් පහර දීමට තැත්කළ අයෙකුට උප පොලිස් පරීක්ෂකවරයා සමග ගිය පොලිස් කොස්තාපල් කෙනෙක් තැබූ වෙඩි පහරකින් මේ පුද්ගලයා තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණේ ඌරගස්මංහන්දිය කලුවලහොඩ ප්‍රදේශයේම පදිංචි යුද හමුදා සේවයෙන් ඉවත්වී ඇති අයෙක් බවද පොලීසිය කියයි. ඌරගස්මන්හංදිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.