අත්‍යවශ්‍ය ඖෂධ බාධාවකින් තොරව ගෙන්වීමට මුදල් අමාත්‍යාංශයේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව වැ.බ.මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ අද (22) සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමඟ මුදල් අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.
අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමේ දුෂ්කරතා පැවතියද සෞඛ්‍ය ක්ෂේත්රය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නිකුත් කිරීමටත්, අමාත්‍යාංශ අතර නිරනන්තර සාකච්ඡා පවත්වමින් ගැටළු මඟහරවා ගැනීමටත් මෙහිදී එකඟතාවයකට එළඹිනි.
කඩිනමින් මහා භාණ්ඩාගාරයෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කිරීමට කටයුතු කරනු ලබන බව ද වැ.බ.මුදල් අමාත්‍යවරයා සඳහන් කරයි.
වැ.බ.භාණ්ඩාගාර ලේකම් ඇතුළු මුදල් අමාත්‍යාංශ නිලධාරීන්, සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.