සංචාරක අමාත්‍යවරයා සති දෙකක කාලයක් ඉන්දියාවේ කළ සංචාරයේ වියදම මිලියන 140ක් බව පාර්ලමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
ජනපති ජාතිය අමතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය
"අපි දන්නවා සංචාරක ඇමති කෙනෙක් ඉන්නවා. හැමදාම රටින් පිට ඉන්නේ. ඉන්දියාවේ සුමාන දෙකක් ගත කරලා ආවා මිලියන 140ක්ද කොහෙද වියදම් කරලා. එයා අරහේ මෙහෙ ගිහිල්ලා බැනර් අල්ලාගෙන හිටියාට සංචාරකයෝ එන්නේ නෑ. යටිතල පහසුකම් වර්ධනය කරන්න කිසිම දෙයක් කරලා නෑ"