ඇඹිලිපිටිය වැලිකඩයාය 99 හන්දිය ප්රදේශයේදී අද (24) අලුයම විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් සංවිධානාත්මක අපරාධකරුවකු මියගොස් ඇත.
මිනුවන්ගොඩ ප්රදේශයේ සිදු වූ ඝාතන කිහිපයක වෙඩිකරු වශයෙන් කටයුතු කළ බව කියන මොහු යුද හමුදා විශේෂ බළකායෙ හිටපු සෙබළකු වන සසිඳු සඳමිණි මෙන්ඩිස් (24) නැමැත්තෙකි.
ඔහු සංවිධානාත්මක අපරාධකරුවකු වන හීනටියන මහේෂ් නැමැත්තාගේ වෙඩිකරුවකු බව ද විශේෂ කාර්ය බළකාය කියයි.
මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිට ඇති අතර ඇඹිලිපිටිය වැලිකඩ ප්රදේශයේ සිය සොහොයුරාගේ නිවසේ සැඟව සිටින බවට විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ විශේෂ මෙහෙයුම් ඒකකය ට තොරතුරු ලැබී ඇති බව විශේෂ කාර්ය බළකාය පවසයි.
එම තොරතුරු අනුව භට කණ්ඩායමක් අද අලුයම 3.50 ට පමණ සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙඩි ප්රහාරයක් එල්ල කර ඇති බවත් එස්.ටී.එෆ් ප්රතිප්රහාර එල්ල කිරීමේ දී සැකකරු තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇත.
සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකුට තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
මිනුවන්ගොඩ ප්රදේශයේ ඉකුත් 17 වැනි දා සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියයාම, සහ තවත් පුද්ගලයකුට වෙඩි තබා තුවාල කිරීම් ඇතුළු වූ අපරාධ කිහිපයකට මෙම සැකකරු වෙඩිකරු වශයෙන් කටයුතු කර ඇති බව ද විශේෂ කාර්ය බළකාය පවසයි.