ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා වන ආර්ථික ප්‍රතිසංස්කරණවලට සහාය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කැපවී සිටින බව එහි ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජියෝවා මහත්මිය සඳහන් කරයි.
ප්‍රංශයේ පැවැත්වෙන සමුළුකට එක්වීම සඳහා එහි ගොස් සිටින ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සමගි පැවැති හමුවකින් පසුව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඇය මේ බව පැවැසීය.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමුවීමට ලැබීම යහපත් දෙයක් බවත් වත්මන් ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා රජය සතු ශක්තිමත් පියවර ඉතා උණුසුම් ලෙස පිළිගන්නා බවත් ඇය වැඩිදුරටත් පැවැසුවාය.
