විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර් දේශය සහ කළමනාකරණ සේවා දෙපාරතමේන්තුවේ අනුමැතිය ලබා නොගෙන කාරය මණ්ඩලය සඳහා දිරි දිමනා ,ප්‍රසාද දිමනා ගෙවල් කුලි දිමනා සහ භාවිතයට නොගත් නිවාඩු සඳහා දිමනා ලෙස රුපියල් දාහතර කෝටි දහඅට ලක්ෂ විසිපන් දහස් අටසිය තිහක් (141825830)ගෙවා ඇති බව ජාතික විගණන දෙපාරතමේන්තුවේ නිලධාරියෙකු සමග කරන ලද මාධ්‍ය සාකචඡාවකදි අනාවරණය විය.
පසුගිය 2021 වසරේ මෙම දිරි දිමනා ගෙවා කොමිෂන් සභාවේ මුලු වියදමින් පරිපාලන හා ආයතන වියදම් සඳහා ලක්ෂ 886ක් වැයකර තිබු බව පවසයි.මින් කාරය මණ්ඩලවැටුප් දිමනා ලෙස ලක්ෂ 656ක් ගෙවා ඇති බවද ජාතික විගණන දෙපාරත්මේන්තුව අනාවරණය කර ඇත.
කෙසේ වුවුද මෙම ආයතනය පිහිටුවිමේ ප්‍රධාන අරමුණ විදුලි සංදේශ නියාමනය සඳහා වැය කොට ඇත්තේ මුලු වියදමෙන් සියයට හතක් පමණක් බවද වාරතාවේ.කොමිෂන් සභාවේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන්කර ඇත්තේ ශ්‍රි ලංකා විදුලි සංදේශ කොමිෂන් සභාවේ 22 ඇ(01) ආ වගන්තිය ප්‍රකාරව කොමිෂන් සභාව වෙත පැවරි ඇති බලතල ප්‍රකාරව හා නිතිපති මගින් ලබාදි ඇති එකඟතාවය මත මෙම දිරි දිමනා ගෙවා ඇති බවද පවසයි.
චන්දන සමරවික්‍රම