යාපනයේ අක්කර 350ක වගා කර ඇති කාබනික ඇඹුල් කෙසෙල් පළමු තොගය කිලෝ ග්‍රෑම් 25,000ක් බැගින් මෙම මස 28 දින සිට සෑම සතියකම ඩුබායි වෙළෙඳපොළට යැවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ බහමාස් රාජ්‍යයට අයත් ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කළ නයිජීරියානු ජාතිකයෙකු 04/10 දින සවස කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන , ආපසු පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ .
Read Moreශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඇගලුම් තොගයක් යුරෝපය වෙත රැගෙන යාම සඳහා කොළඹ වරායට පැමිණ නැංගුරම් ලා තිබූ ඇමෙරිකානු නෞකාවකට හොරෙන් ඇතුළු වී , පැන යමින් සිටියදී (Stowaway ) ඊජිප්තුවේ සූවස් ඇළ ආරක්ෂක කපොල්ලෙහි දී , එම නෞකාවේ කපිතාන්වරයාට හසු වු ශ්‍රී ලාංකික තරුණයන් සිව් දෙනෙකු , එම නෞකා සමාගමට අයත් වෙනත් නැවකින් ගාල්ල වරාය ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමෙන් අනතුරුව 04/10 දින සවස අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreවිගණන සේවා කොමිෂන් සභාව සඳහා අභිනවයෙන් පත් කරන ලද සාමාජිකයෝ අප්‍රේල් 09 වැනිදා පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreදැනට රට තුළ ව්‍යාජ හා ප්‍රමිතියෙන් තොර පළිබෝධ නාශක හා වල් නාශක අලෙවි කිරීමේ ජාවාරමක් පවතින හෙයින් පලිබෝධ නාශක පාලන පනත වහාම සංශෝධනය කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.
Read Moreතමන් සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගිය සතියේ පැවති බවට වෙබ් අඩවික පළවූ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් තමන් පසුගිය සතියේ දිවයිනෙන් බැහැරව සිටි බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreරටේ ආර්ථිකය ගොඩනැංවීමට නුවරඑළිය උපරිමයෙන් දායක කර ගැනීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් නගරය තුළ විධිමත් ජල කළමනාකරණ වැඩසටහනකට හා පානීය ජල ගැටළුවට ස්ථිරසාර විසඳුම් ලබාදීමට ජනපතිගෙන් උපදෙස්. උස ගොඩනැගිලි වෙනුවට සෞම්‍ය පරිසරයක් සමගින් නුවරඑළිය නගරය සංවර්ධනය කළයුතුයි. සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරව රටට අවශ්‍ය නව වැඩපිළිවෙළ වෙනුවෙන් සියලු දෙනා පෙළගැසෙන්න -ජනපති කියයි.
Read Moreස්ථීර නිවසක් නොමැති අඩුආදායම් ලාභීන් වෙනුවෙන් “ඔබට ගෙයක් - රටට හෙටක්” නිවාස ආධාර ව්‍යාපෘතියේ නිවාස ඉදිකිරීම් මේ වනවිට 50 ෴ක පමණ වැඩ අවසන්ව ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.
Read Moreමාර්ගය හරහා පාර මාරුවීමට ගිය පාසල් දැරියක් රිය අනතුරකට ලක්වීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී අද (10) මිය ගොස් ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය සඳහන් කරයි.
Read Moreලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව ලොව ආහාර උද්ධමනය ඉහළම මට්ටමක පවතින රටවල් අතරින් ශ්‍රී ලංකාව 10 වන ස්ථානය දක්වා පහළ බැස තිබේ.
Read More2023 මැයි මස 15 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය කල්දමා තිබේ.
Read Moreඅර්බුදයෙන් රට මුදවාගත් නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් තම පුර්ණ සහය ජනාධිපතිවරයාට ලබා දෙන බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.
Read Moreඑළඹෙන උත්සව සමය හේතුවෙන් තක්කාලි සහ බටු කිලෝවක මිල ඊයේ (09) දින සිට ඉහල ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එලවළු වෙලෙදුන් පවසයි.
Read Moreඇල්ල ප්‍රදේශයේ තිබෙන පුංචි සිරිපාදය නැරඹීමට බිරිද හා දරුවා සමග ගිය රැසියානු ජාකිකයෙකු එය නරඹා නවාතැනට පැමිණෙමින් සිටියදි ත්‍රිවිලරය තුළ මියගොස් සිටියදි 09 දින රෝහල් ගතකළ බව පොලිසිය කියයි.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, හා වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදි තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඉන්දීය රජය විසින් ණය ආධාර යෝජනා ක්‍රමය මගින් ලබාදුන් නව බස් රථ නුවරඑළිය හා මහනුවර යන දිස්ත්‍රික්කවල ලංගම ඩිපෝවලට බෙදාදීම නුවරඑළිය ග්‍රෙගෙරි වැව උද්‍යානයේදී ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) සිදු කෙරිණි.
Read Moreපුත්තලම කලපුවට පැමිණි දැවැන්ත හම්බැක් වර්ගයෙ ඩෝල්ෆීන් මත්ස්‍යයකු අද (9දා) දහවල් වනජීවි නිළධාරින් විසින් දැඩි පරිශ්‍රමයක් දරා ආරක්ෂීතව දියඹට මුදා හැරිමට කටයුතු කෙරුණි.
Read More’’මම එජාපයට යන බවට රරනිල් හිතවාදි පච මාධ්‍ය ගෙන යන වාර්තා ප්‍රතික්ෂේප කරනවා. වත්මන් ජනාධිපති එජාපයේ ජනාධිපති නොවේ පොහොට්ටුවේ ජනාධිපතිවරයායි. ඔහුත් සමඟ මම එක්වන බවටත් සජිත් ප්‍රේමදාස මහතා අගමැති තනතුර ලබා ගන්නා බවටත් සජබ පක්ෂයේ 40ක් ආණ්ඩුව ට එකතු වන බවට පැතිර ඇති වාර්තා අසත්‍යයි’’
Read Moreඉකුත් දින 5 තුළ දිවයින පුරා සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 25 දෙනෙකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ තල්දූව මහතා පැවසීය.
Read Moreශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඉහළ ආදායම් ලබාගත හැකි වැඩි රැකියා සංඛ්‍යාවක් ලබාගැනීමටත්, ජපාන රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීමටත් අවශ්‍ය කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් ජපානයේ නිල සංචාරයක නිතරවන කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ජපානයේ ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයින් හා රැකියා සදහා බදවා ගනු ලබන ආයතනවල ප්‍රධානීන් හමුවී ද්වි පාර්ශවික එකගතාවයන්ට පැමිණ තිබේ.
Read Moreපේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී සිසේරියන් සැත්කමකට භාජනය වූ කාන්තාවක මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ මට්ටමෙන් සහරෝහල් මට්ටමෙන් විශේෂ විමර්ශන දෙකක් ආරම්භ කොට ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි .
Read Moreමුදල් භාවිතයෙන් තොරව මගීන්ට නව තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව ලංගම බස් රථවල ටිකට් පත් ලබා ගැනීමට කාඩ් ක්‍රමයක් මෙම වර්ෂය තුළදී හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreමේ උත්සව සමය තුළ විනෝදයෙන් කාලය ගත කරන්නේ. නමුත් ඒ විනෝදය අවසානයේ ශෝකාන්තයක් බවට පත්කර ගන්න එපා කියන කාරණය තමයි මතක් කරන්නේ.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ නිල විදේශ සංචිත වත්කම්වල වටිනාකම පසුගිය මාසය තුළ 21.3% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
Read Moreසමනලවැව නැරඹීම සඳහා ඉකුත් (06) වෙනිදා යතුරුපැදියකින් පැමිණ සිටි පෙම්වතා සහ පෙම්වතිය බියවද්දා පෙම්වතා යතුරුපැදියට එක්කර විලංගු දමා පෙම්වතිය අසල ළඳු කැළෑවට රැගෙනගොස් නිරුවත්කර අතවරකළ පොලිස් කොස්තාපල්වරයෙකු සමනලවැව පොලීසිය විසින් ඉකුත් (08) වෙනිදා අඩංගුවටගෙන ඇත.
Read Moreතලේමන්නාරම මුහුදේ ඉන්දීය බෝට්ටු පරික්ෂා කිරීමේ මෙහෙයුමක නිරතව සිටී සිටි නාවික හමුදා භටයකුගේ ටී 56 වර්ගයේ ගිනි අවියක් මුහුදට වැටී අස්ථානගත වී ඇතැයි මාන්නාරම පොලිසිය පවසයි.
Read Moreත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වා ඊයේ (08දා) ධාවන වූ රාත්‍රි තැපැල් දුම්රියේ පලුගස්වැව දුම්රියස්ථානයට ආසන්නයේදි අලි දෙදෙනෙකු ගැටිමෙන්දුම්රිය එන්ජිම පීලි පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.
Read Moreනවීන පන්නයේ, ස්වයංක්‍රීය වී මොල් ලබාදෙන බව පවසා, මොණරාගල දිස්ත්‍රික්කයේ විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි 03කට ආසන්න මුදලක් වංචාකළ බව කියන ව්‍යාපාරිකයකු, පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කිරිමෙන් පසු ලබන අප්‍රේල් මස 18දා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට, මොණරාගල මහේස්ත්‍රාත් සජිනි අමරවික්‍රම මහත්මිය ඉකුත් 07දා නියෝග කලාය.
Read Moreමාතලේ පලාපත්වල තොටගමුව වෙල්යාය අසළදි (08)දා අලුයම ජිප් රථයක් රියදුරුට පාලනය කර ගැනිමට නොහැකිවි මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටි සිදුවු අනතුරින් තරුණයෙකු මරණයට පත්ව එහි ගමන් ගත් තරුණයින් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.
Read Moreමෙතෙක් අප රටින් වාර්තා වූ වැඩිම වී අස්වනු ප්‍රමාණය මෙය වන අතර ඔවුන් විසින් හෙක්ටෙයාර් එකකට ලද වී අස්වැන්න මෙට්‍රික් ටොන් 10 ඉළක්කය ඉක්මවා තිබීම ද විශේෂත්වයක් බව බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැවසීය.
Read More