විදුලි සැර වද්දවා අලියකු මරා දැමිමේ චෝදනාවට වරදකරු වු අයකුට මුදලින් රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් තින්දුව දුන් දිනම ගෙවන ලෙසත් නඩුවට සම්බන්ධ සියලුම නඩු භාණ්ඩ රාජසන්තක කරන ලෙසත් පුත්තලම මහෙස්ත්‍රාත් මිහිල් චිරන්ත සතුරුසිංහ මහතා 10 දින නියෝග කෙරුණි.
මෙසේ අදාල වන අලියා විදුලි රැහැන් යොදවා මරා දැමිමට චෝදනා එල්ලවි දඩ මුදල ගෙවිමට සිදුවුයේ පුත්තලම සෙල්ලන්කන්දල් ග්‍රාම නිළධාරී වසමට අයත් පහල මානවේරිය ප්‍රදේශයෙ පදිංචි කාලගිරි දේවලාගෙ ප්‍රදිප් කුමාර නැමති අයෙකී.
2021 වසරේ මාර්තු 9 දින අදාල චුදිතයා තම ඉඩමේ යොදවා තිබු නීති විරෝධි විදුලි රැහැනක පැටලි ඒ හරහා ගමන් කරමින් සිටි වයස අවුරුදු අලියකු එම ස්ථානයෙදීම මරණයට පත්ව තිබුනී.
අදාල ස්ථානයෙ මරණයට පත්ව සිටි අලියාගෙ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වු වනජීවි පශු වෛද්‍යවරයා විසින් සිය වාර්තාව ලබා දෙමින් පවසා තිබුනේ අධික විද්‍යුත් ධාරාවක් හේතුවෙන් පෙනහළු සහ හෘදය අකර්මණය විමේන් මෙම මරණය සිදුව ඇති බවයි.
අදාල නඩුව වෙනුවෙන් වනජීවි අඩවි ආරක්ෂක ඩි.රාමසිංහ මහතා පෙනි සිටි අතර එහිදි අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියෙ මෙම චුදිතයා සිය නිවසින් ලබා ගත් විදුලිය විදුලි රැහැනට සෘජුව සම්බන්ධ කරමින් ලබා දී තිබු බවයි.
අදාල කරුණු සියල්ල සැකකිල්ලට ගත් පුත්තලම මහෙස්ත්‍රාත් වරයා අදාල චෝදනා සදහා චුදිතයා වැරදි කරු බවට ප්‍රකාශයට පත් කරමින් තින්දුව ලබා දීම සිදුවිනි.
එහිදි අදාල චුදිතයාට රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් නියම කල අතර එය තින්දුව ලබා දුන් 10 දිනම ගෙවිමට නියෝග කෙරුණී.ඒ සමගම නඩුව අදාල නඩු භාණ්ඩ ලෙස වනජීවියෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබු සියල්ල රාජ සන්තක කිරීමට ද මහෙස්ත්‍රාත් වරයා නියෝග කෙරුණී.