ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා එළඹෙන 14 වැනිදා චීනය බලා පිටත්ව යාමට නියමිතය.
ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී චීන රජය සමග සාකච්ඡා කිරීමටද නියමිත බව වාර්තා විය.
මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ චීන ජනාධිපති ෂී ජින් පින් මහත්වරුන් අතර විශේෂ හමුවක්ද පැවැත්වීමට නියමිත බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. ශ්‍රී ලංකාවේ වැඩිම ණය හිමියා වන්නේද චීනයයි.