ශ්‍රී ලංකාවේ ප්‍රචලිත විදේශගත සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන්ගේ නම සදහන් කරමින් දුරකථන ඇමතුම් මගින් කටුනායක ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයන්ට මරණීය තර්ජනය එල්ල කර කප්පම් මුදල් ලබා ගැනීමට තැත් කළ පුද්ගලයෙකු ඊයේ (09) රාත්‍රී කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු ශ්‍රී ලංකා යුධ හමුදාවේ සෙබලෙකු ලෙස කළක් සේවය කළ මාතර, තිහගොඩ, බටුවිට ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි එක් දරු පියෙකි.
මොහු කටුනායක නිදහස් වෙළෙඳ කළාපය අවට තාවකාලික නේවාසිකාගාරයක තාවකාලිකව නවාතැන් ගෙන කුළී රැකියා වල නිරතව සිට තිබේ.
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් මේ පිළිබඳව ලැබී තිබූ පැමිණිළි මත මොහු ඇවරිවත්ත නගරයේ ගැවසෙමින් සිටියදී කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඉන්පසුව සිදු කළ මූලික විමර්ශන වලදී මොහු එවැනි විදේශගත සංවිධානාත්මක අපරාධ කල්ලි වල සාමාජිකයෙකු නොවන බවට කරුණු අනාවරණය වී තිබූ අතර තමන් ජනප්‍රිය ගුවන් විදුලි නාලිකාවක අපරාධ හෙළිදරව් කරන වැඩසටහනක් ශ්‍රවණය කිරීමෙන් පසුව මෙසේ කිරීමට පෙළඹුණු බව පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ .
මොහු සමග මෙසේ ව්‍යාපාරිකයන්ට මරණීය තර්ජන එල්ල කළ ජංගම දුරකථනය සහ සිම් කාඩ් පත ද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.